එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව(COP27) ඊජිප්තුවේදී ඇරඹේ

Date:

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව, UNFCCC හෝ COP හි පාර්ශවයන්ගේ සමුළුව ලෙස පොදුවේ හඳුන්වනු ලබන අතර, මෙවර ඇරඹි 27 වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP27) වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ ඊජිප්තුවයි.

මෙවර සමුළුව ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍ය Sameh Shoukry ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රාජ්‍ය නායකයින් 90 කට වැඩි පිරිසක් සහ රටවල් 190 ක නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.

1992 වසරේ ප්‍රථම එක්සත් ජාතීන්ගේ දේශගුණික ගිවිසුමේ සිට මෙම සමුළුව වාර්ෂිකව පවත්වනු ලබන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට සහ දේශගුණික විපර්යාස හා සම්බන්ධ බලපෑම්වලට අනුවර්තනය වීමට, ජාත්‍යන්තරිකව ගනු ලබන ප්‍රතිපත්තිවලට එකඟ වීමට රජයන් විසින් එය භාවිතා කරනු ලබයි.

COP27 ජාත්‍යන්තර වේදිකාවේ සිය මංගල දේශනය ඉදිරිපත් කරමින් එක්සත් ජනපදයේ අභිනව අග්‍රාමාත්‍ය රිෂී සුනක් සිය දේශනය තුළ ප්‍රකාශ කර තිබුණේ ‘අපට අපේ දරුවන්ට හරිත ග්‍රහලෝකයක් සහ වඩාත් සමෘද්ධිමත් අනාගතයක් දායාද කළ හැකි බවයි’.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමෙන් දේශගුණික විපර්යාසවල නරකම බලපෑම වළක්වා ගැනීම සඳහා හරිත කර්මාන්ත නංවාලීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ රිෂී සුනක් පිරිසිදු බලශක්ති නවෝත්පාදන පහසුකම සඳහා පවුම් මිලියන 65.5 ක් ප්‍රකාශයට පත් කරන බවත්, එය පිරිසිදු තාක්ෂණයන් පිළිබඳ වැඩ කරන සංවර්ධනය වෙමින් පවතින රටවල පර්යේෂකයන්ට සහ විද්‍යාඥයින්ට ප්‍රදානය කරන බව මෙහිදී ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම එක්සත් රාජධානිය කොංගෝ ද්‍රෝණියේ වැසි වනාන්තර සංරක්ෂණය සඳහා පවුම් මිලියන 90 ක් සහ දේශීය සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහාය වීම සඳහා පවුම් මිලියන 65 ක් ද කැප කරන බවටත් මෙහිදී පොරොන්දු විය.

COP27 සමුළුවට සමගාමීව එක්සත් ජාතීන්ගේ කාලගුණ සහ දේශගුණික ආයතනය සිය වාර්ෂික ගෝලීය දේශගුණ වාර්තාව ඊයේ දිනයේදී එළි දැක්වූ අතර පසුගිය වසර අට මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර අට ලෙස එහි සඳහන් විය. එය ආපදා සංඥාවක් ලෙස විස්තර කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් COP27 නායකයන්ගෙන් ඉල්ලා තිබුණේ පවතින දේශගුණික විපත්තීන් වෙනුවෙන් විශ්වසනීය දේශගුණික විසඳුම් ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : ‘පසුගිය වසර අට යනු මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර අටයි’ – UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...