*
Friday, October 18, 2024
spot_img

Latest Posts

වයඹ,බස්නාහිර සහ සයනස් මෙරූන් පෙරට – තරගාවලියේ වැදගත්කම හෙටට

අවුරුදු 24 න් පහළ රගර් සූරතාවලියේ දෙවන දිනයේ පැවති තරගවලින් වයඹ,බස්නාහිර සහ සයනස් මෙරූන් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.එම කණ්ඩායම් හමුවේ පිළිවෙලින් 56 – 12 ක් ලෙස මධ්‍යම පළාත් කණ්ඩායම ද,119 – 0 ක් ලෙස ඌව කණ්ඩායම ද,22 – 07 ක් ලෙස ආදි වෙස්ලි කණ්ඩායම ද පරාජයට පත් විය.
ආදි වෙස්ලි සහ සයනස් මෙරූන් කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවති අතර වයඹ සහ මධ්‍යම පළාත් අතර තරගය පැවත්වුණේ කුරුණෑගල මලියදේව පිටියේදී ය.වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ඌව කණ්ඩායම සහ බස්නාහිර කණ්ඩායම අතර තරගය පැවත්විණි.

ශ්‍රී ලංකා රග්බි වගකිව යුතු බොහෝ දෙනෙක් ඔවුන්ව හුදෙකලා කර අසරණ කරන්නට තනන මොහොතක රටේ රගර් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අනුග්‍රයන් සොයා ගනිමින් සිඳු කරන මේ තරග සංවිධානය ක්‍රීඩා අමාත්‍යංශයේ ආධාර බලාගෙන පිං කැට සේ ඒ දෙසට හැරී තිබෙන අනිත් ක්‍රීඩා පරිපාලනවලටද පාඩමක්ය.ක්‍රීඩා අමාත්‍යංශයටද රටේ ක්‍රීඩාවේ යටිතල පහසුකම්වලට මුල්තැන දෙමින් (සිංදු හැදීම,උත්සව තැබීම නොවන) ක්‍රියා කරන්නට මෙය ආදර්ශයක් සේ ගන්නට අනෙකුත් ක්‍රීඩා සංගම්වලට පෙන්වීමට හොද ආදර්ශයකි.නමුත් ක්‍රීඩා අමාත්‍යංශය ආසියාවේ නැට්ටේ එල්ලි රටේ රගර් ක්‍රීඩාවට වඩා තමන්ගේ බඩ ගැන හිතන නහුතයක් පෙර වැරදි ඇති පිල්ලිවලින් ගැලවෙන්නට නොහැකිව විඳවමින් සිටියි.

අමාත්‍යවරයාගේ පත්කිරීම්වලට වැටෙන ගරු තනතුරුවලට පැමිණ, රටේ සියලුම ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුව තිබියදී ක්‍රීඩාවකට විරුද්ධව පෙත්සම් ගසන්නට තරම් පිරිහුණු මිනිසුන් සමඟ රටේ රගර් ක්‍රීඩාවට ටකල් දමන්නෙක් බවට අමාත්‍යංශයේ සහ සංවර්ධන දේපාර්තමේන්තුවට ද දේශපාලන න්‍යාය පත්‍ර සමඟ වැඩ කරන්නට සිඳු ව ඇත.එවැනි වටපිටාවක ප්‍රතිවාදින් පොකුරු පිටින් එක්ව ඇඟේ එල්ලී නවත්තන්නට දරන වෑයමක් නිශ්පල කරමින් ක්‍රීඩාවට ආදරය සහ ගෞරවය කරන අනුග්‍රාහකයන් පිරිසකගේ ශක්තියක් සමඟ තැබූ අති විශිෂ්ඨ උත්සාහක දිනුමක් හැටියට අවුරුදු 24 න් පහළ තරගාවලිය හැඳින්විය හැකිය.

නිලවරණයට සංගම් පවත්වාගෙන සංස්කෘතිය වෙනුවට, අවුරුදු 24 න් පහළ තරගාවලිය හරහා සංගම්වලට රගර් කාන්දු කිරීමට උනන්දු කිරීම වැදගත්.ඉහත තරග සටහනේ ඌව බස්නාහිර ඉදිරියේ පැරදෙන ආකාරයෙන් කියන්නේ මේ දක්වා හිටපු නිලධාරි සහ සංගම් ලංකාවේ රගර් දියුණු කරලා තියෙන හැටි.හොද සුවිශේෂි ඉත්හාසයක් ඇති ඌව අද පත් වී ඇති තැනෙන් නැවත ඉතිහාසයට ගෙන යාම අවශ්‍යය වෙනවා.ඒ ස්වර්ණමය ඉතිහාසය යළි මතු කරන හයිය මේ ලැබූ බිංදුවෙන් පටන්ගන්න ලැබෙන ගමණක් ආරම්භ වි තිබෙන බව සංඛේතවත් කරනවා.ඒ සඳහා මේ ගෞරවනීය ක්‍රීඩාව සඳහාම වූ අනුග්‍රහය වගේම රගර් රටේම ක්‍රීඩා කරනු දැකීමට ආසා කරන ක්‍රීඩාව පාලනය කරන ඇමැත්තන් සහ පරිපාලකයන්ද අවශ්‍යය වෙනවා.

අවුරුදු 24 න් පහළ තරගාවලිය නිවැරදිව කියවා ගැනීමට රගර් හා සබැඳි වගකීම් තියෙන ආයතන එක රොදකට පැමිණියහොත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා රගර් ඊට සූදානම් වූ අමුතු ආකාරයේ සිට මේ තරගාවලියේ දක්ෂයන් යා කරන වැඩ සටහනක් එලෙන මේසයක් සකස්විය යුතු බව හඳුනාගන්න හැකියි.




RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan