පළමු මුරය සඳහා ලබා දෙන යූරියා පොහොර ප්‍රමාණය වැඩි කෙරේ

Date:

යුරියා පොහොර පළමු මුරය සඳහා නිකුත් කරන ප්‍රමාණය හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගොවි ජන නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සඳහා පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී ඇත.

මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබාදීමට නියමිතව තිබුණේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40ක් පමණි.

මීට අදාළ චක්‍රලේඛය ලබන අඟහරුවාදා නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...