*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ධීවර ප්‍රජාවගේ ඉල්ලීම මත ධීවර සහ ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (07) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර, ධීවර සහ ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ,

තවද, අද දිනයේ වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ , දැනට තිබෙන පනතට සංශෝධනයක් ලෙසට ධීවරයින් වෙනත් රටවලට ඇතුල් වීම, වෙනත් රටවලට ඇතුල් වී මසුන් ඇල්ලීම, බලපත්‍ර නොමැතිව රැකියාවට යාම වැනි කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකි ලෙස පනතට සංශෝධන ගෙන එන බවයි.තවද, යාත්‍රාවේ අයිතිකරුට හා එය පදවන පුද්ගලයාට විරුද්ධව නඩු පැවැරීමට දැනට තිබෙන පනතින් හැකියාව ඇති බවයි.

ඒ අනුව නව සංශෝධිත පනතින් යාත්‍රාව පදවන පුද්ගලයාට මෙන්ම එහි කාර්ය මණ්ඩලයට නඩු පැවරීමට හැකි ලෙසට එම පනතට සංශෝධන ගෙනවිත් ඇති අතර, ධීවර ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan