*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

හෙට (08) සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩවරති!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (08) සිට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔවුන් එම ක්‍රියාමාර්ගවලට යාමට තීරණය කර ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් මේ දක්වා නොලැබීම හේතුවෙන් බව දන්වා සිටී.

ඒ අනුව හෙට (08) සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන වාර්තා අත්හිටුවීම සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගීවීම අත්හිටුවන බව සඳහන් වේ.

එමෙන්ම ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වීමට ද නියමිත බව දන්වයි.

එම සංගමය තවදුරටත් පැවසුවේ, මීට අමතරව එළඹෙන 22 වැනිදා සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින්ද ඉවත්වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan