සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝල ‘සුන්නා’ STF අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද සමඟ ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘සුන්නා’ නැමැත්තාව මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (06) මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබූ අතර, එහිදී, මෙම 25 හැවිරිදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා භාරයට ගත් ටී 56 ගිනිඅවිය පසුගිය දා මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය බවට අනාවරණය වී ඇති අතර, අදාළ ගිනිඅවිය දකුණේ සහ බස්නාහිර පළාත්වල අපරාධ හා මනුෂ්‍ය ඝාතන රැසක් සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...