අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්!

Date:

කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු දස දෙනෙකුට එරෙහි චෝදනා පවත්වා ගෙන යා නොහැකි බැවින් ඔවුන් මුදා හරින ලෙස ලබාදී තිබු නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකු චෝදනා එල්ල වූ අතර පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර තිබු එම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන් මුදා හැරීමටයි කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමුඩල්ල තීන්දු කර තිබුණේ.

එම නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ පැවැත්වෙන නඩු විභාගය ද අත්හිටුවන ලෙස තවත් අතුරු නියෝගයක් නිකුත් කෙරුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලේ නියෝගවලට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසරදෙමිනි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු දක්වමින් පැසුවේ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලේ තීන්දුව දෝෂ සහිත බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...