ට්‍රම්ප්ට ඉතිහාසයේ ‘බලවත්ම ජනවරමක්’ !

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපද දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික දේශපාලන පුනරාගමනයක් සිදු කර කරමින් 47වන ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව තිබේ.

එනම් නොවැම්බර් 05වන දා පැවති ජන්දයෙන් කළ 78 හැවිරිදි ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ තේරී පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා වශයෙන් ජන්ද 73,370,479ක් ලබා 50.7%ක ප්‍රතිශතයක් ලබාගත් අතර ඔහු හා තරඟ වැදුණු ඩිමොක්‍රටික්ස් නායක කමලා හැරිස් ඊට සාපේක්ෂව ලබාගෙන තිබුණේ, ජන්ද 69,028,078ක් හා 47.7%ක ප්‍රතිශතයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙවර ජයග්‍රහණය 2020 මැතිවරනය පෙරලා දැමීමට ඔහු දැරූ උත්සාහයෙන් පසුව, ඝාතන උත්සාහයන් දෙකක්, ජනාධිපති දෝෂාභියෝග දෙකක්, ඔහුගේ සාපරාධී වරද සහ තවත් බොහෝ සාපරාධී චෝදනා නොතකා ලැබූ ජයග්‍රහණයකි.

මෙවර ජනාධිපතිවරණය තුළ ගබ්සාව, දේශගුණික විපර්යාස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය, අධ්‍යාපනය, විදේශ ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේවා, සංක්‍රමණ, LGBTQ අයිතිවාසිකම් මෙන්ම ගාසා හා යුක්රේන යුද්ධය ප්‍රමුඛතම මාතෘකාවන් විය.

මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට වොෂින්ටන් DCවෙත යා යුත්තේ කවදාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

කෙසේ නමුත්, මේවන විට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධවල මන්දිර පත්වීම සිදු කර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ට්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරයේ ජේෂ්ඨ උපදේශකයෙකු වූ සුසී වයිල්ස් නම්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...