සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී වාහනයක් ගැනත් විමර්ශන. රසපරීක්ෂකට ඉදිරිපත් කරන්නැයි නියෝග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් භාවිතා කළ සුඛෝපභෝගී ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, එහි වැඩිදුර පරීක්ෂාවක් සඳහා රජයේ රසපරීක්ෂක වෙත යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 08) අවසර ලබාදී තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර තිබුණු ඉල්ලීමක් අනුව ය.

මෙම ජීප් රථය රුපියල් මිලියන 100කට ආසන්න වටිනාකමකින් යුත් එකක් බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ තම රියදුරෙකු යොදවා රජයේ රසපරීක්ෂකවරයා වෙත රැගෙන යාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමකට ද කොටුව මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදී ඇත.

අදාළ ජීප් රථය මෙරටදී එකළස් කරන ලද එකක් බවට සැකපිට අදාළ විමර්ශනය සිදුකෙරෙන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...