සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත G20 සමුළුව තමා වර්ජනය කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, දකුණු අප්‍රිකාව විසින් සුදු ජාතීන්ට සලකන ආකාරය අතිශය අමානුෂික වීම හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ සහ නැගී එන ආර්ථිකයන්හි රාජ්‍ය නායකයින් සඳහා වන වාර්ෂික සමුළුව තමා හා සිය රජය වර්ජනය කරන බවයි.
ට්‍රම්ප් පරිපාලනය දිගු කලක් තිස්සේ දකුණු අප්‍රිකානු රජය සුදු ජාතිකයන්ට අමානුෂික ලෙස සලකන බවට චෝදනා කර ඇති අතර දකුණු අප්‍රිකානු රජය පවසා ඇත්තේ, සුදු සුළුතර පාලනයේ වර්ණභේදවාදී ක්‍රමය අවසන් වී දශක තුනකට වැඩි කාලයකට පසුව, රටේ සුදු ජාතිකයින් සාමාන්‍යයෙන් එහි කළු ජාතිකයින්ට වඩා බෙහෙවින් ඉහළ ජීවන තත්වයක් ගෙවන බවත්, ඔවුන් මෙම චෝදනාවන් සම්බන්ධයෙන් පුදුමයට පත්වන බවත්ය.
කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් පසුගිය කාලය තුළ ජාත්‍යන්තරික සම්මේලන කිහිපයක් මගහරිනු ලැබූ අතර හරිත වංචාවක් බව පවසමින් එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා COP30 සඳහා සම්බන්ධ නොවීම ද ජාත්‍යන්තරික වශයෙන් විවේචනයට ලක් විය.