ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW :

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය වන අද (08) දින   ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියාසිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ප්‍රමුඛ රජය නිසි රාජ්‍ය මූල්‍ය විනයක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම ආර්ථික වර්ධනයට සහ ආර්ථික ස්ථාවරත්වයට හේතු වූ බවයි.  

අද වන විට රජය   ආර්ථික ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවත්,  ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවා මේ මෙම රජය ආරර්ථිකය ස්ථාවර කර ඇති බව පිළිගෙන ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ආර්ථික ස්ථාවරත්වයේ කිසිදු අහම්බයක් නොමැති බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දරූ ප්‍රයත්නය නිසා අද මෙම ප්‍රතිඵල ඇති වී තිබෙන බව අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය. ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිදුකළ අයවැය කතාවේදී පෙන්වා දුන් පරිදි 2019 වසරේ තිබූ ආර්ථිකයට 2025 වසර අග වනවිට ළඟා  වීමට හැකි වී තිබේ.වසරක් තිස්සේ පියවරෙන් පියවර අනුගමනය කළ ක්‍රියාමාර්ග මීට හේතු වී තිබේ.

තිහාසයේ පළමු වතාවට ඉලක්ක අභිබවා යමින් රාජ්‍ය ආදායම උපයා ගැනීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය වියදම් කළමනාකරණය  කිරීම නිසා ප්‍රාථමික අතිරික්තය 2.3%ක  පවත්වා ගැනීමට හැකි වූ බවත්, ඒ අනුව රාජ්‍ය ආදායම ඉලක්කයට වඩා වැඩි කර ගැනීමට හැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

 වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා

අද වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 06 දක්වා වැඩිකරගෙන තිබෙනවා. ආර්ථිකය ස්ථාවර කරන අතරම ජනතාවට ලබා දිය හැකි සහන ලබා දෙනවා.  රාජ්‍ය සේවකයන්ට දැනෙන මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. අප්‍රේල් මස සිට අතිකාල සහ වෙනත් සියලු දීමනා වැඩි කර තිබෙනවා. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කරගෙන යනවා.  ආචාර්ය හර්ෂද සිල්වා වගේ කෙනෙක්වත් කරකවල අතඇරියා කියන්නේ මේ රට හොඳටම ඉදිරියටම යනවා තමයි.

ඡන්දය තියන්න සල්ලි නැහැ කිවූ රටක් තමයි අපි භාරගත්තේ. ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නා. හිටපු ජනපතිවරයා කිව්වේ  2019 තිබූ ආර්ථිකය ළඟා කරන්න තව වසර 10ක්වත් ගතවෙයි  කියා. 2048 කියන කැරට් අලය තමයි ජනතාවට පෙන්නුවේ.ජනතාව දැනන් හිටියා ඔබතුමන්ලාගේ කෙරුවාව. අපි ආර්ථිකය කෙසේ ස්ථාවර කරයිද කියන එක ජනතාව දැනන් හිටියේ නැහැ.   නමුත් වසරක් ඇතුළතදී අපට පුළුවන් වුණා ආර්ථිකය ස්ථාවර කරන්න. අද විපක්ෂයට පවා මෙම රජය ආර්ථිකය ස්ථාවර කළබව කියන කතාව  නොකියා ඉන්න  බැරිවුණා.  වසරක් ගත වන විට මෙැවනි ස්ථාවරත්වයක් ඇති වෙයි කියන එක ඔවුන්  විශ්වාස කළේ නැහැ.රාජ්‍ය මූල්‍ය විනය සහ  රාජ්‍ය මූල්‍ය කළමානාකරණය තමයි  ආර්ථික ස්ථාවරත්වයට හේතුව. අපේ රටේ මෙය නොතිබූ දෙයක්. මෙහි කිසිම අහම්බයක් නැහැ. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැරූ ප්‍රයත්නය  තමයි මෙම ප්‍රතිඵලය අද අත්කළේ.අද වන විට අප ආර්ථික ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා. මෙය ප්‍රාතිහාර්යයක් නොවේ. රාජ්‍ය මූල්‍ය විනය සහ  රාජ්‍ය මූල්‍ය කළමානාකරණය තමයි  ආර්ථික ස්ථාවරත්වයට හේතුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...