අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත තුළ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව සංවිධානාත්මක අපරාධ හා සමූහ ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩිවීමක් තිබෙන බව දත්ත මඟින් අනාවරණය වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අපරාධ මර්දනය කිරීම සඳහා බුද්ධි නිලධාරීන් හා පෞද්ගලික ඔත්තුකරුවන් මඟින් තොරතුරු ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම,අපරාධවලට සම්බන්ධ වී සිරගතව නිදහස් වූවන් පිළිබඳ අධීක්ෂණය කරමින් පසුවිපරම් කිරීම,අපරාධ සිදුකර විදෙස්ගතව සිටින පුද්ගලයින අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ලබාගැනීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙන්ම මෙරටට රැගෙන ඒම,අපරාධ සිදුකර පලායන්නන් හසුකරගැනීම වෙනුවෙන් හදිසි ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිලධාරීන් පුහුණු කර සූදානම් කර තැබීම, සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන දුෂිත නිලධාරීන් හඳුනාගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුකරන ක්‍රියාවලියද සක්‍රීය කිරීමට කටයුතු යොදා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ...

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...