කන්දකාඩුවෙන් සේනපුර යැවූ රැඳවියන් පිරිසකුත් පැන ගිහින් !

Date:

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් අනතුරුව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය කරා යැවූ රැඳවියන් 218 දෙනා අතරින් ද පිරිසක් පළාගොස් ඇති බව වාර්තා වේ.

එම රැඳවියන් අතරින් 20 දෙනෙකු මෙසේ පළාගොස් ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

පසුව සිදුකළ විමර්ශන වලදී ඒ අතරින් 06 දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි 14 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (06) රාත්‍රියේ ගැටුමක් ඇතිවී තිබුණු අතර එහිදී රැඳවියන් පිරිසක් පළාගොස් තිබිණි. එසේ පළාගිය අය අතරින් 36 දෙනෙකු ආපසු භාරවී තිබුණු අතර 33 දෙනෙකු තවමත් සොයාගැනීමට හැකිවී නැත.

රැඳවියන් 500 කට අධික පිරිසක් කන්දකාඩු මධ්‍යස්ථානයෙහි ඒ වනවිට සිට ඇති අතර තත්වය පාලනය කිරීමෙන් අනතුරුව එයින් 218 දෙනෙකු මෙසේ ඊයේ (07) දිනයේදී සේනපුර මධ්‍යස්ථානයට එවා තිබිණි. තවත් 211 දෙනෙකු පොලිසියට භාරදී ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...