මාධ්‍ය සදාචාරයේ වඳුරු කුණුහරුපය හෙවත් ඊලෝන් මස්ක්!

Date:

මිනීමැරුම්වලට උඩගෙඩි දුන් අයට “භාෂණයේ නිදහස” ලබාදෙන මස්ක් අන් අය මෙන් පෙනී සිටින ට්විටර් පරිශීලකයන් පන්නා දමයි!

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ අන් අය මෙන් පෙනී සිටින පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් තහනම් කිරීමට එම සමාගමේ නව හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වෙනත් පුද්ගලයකු මෙන් පෙනී සිටින ට්විටර් ගිණුම් හිමියා එම පෙනී සිටීම සිදුකරන්නේ පැහැදිලිවම උත්ප්‍රාස (parody) අරමුණු මත බව සඳහන් කර තිබුණහොත් හැර අන් සියලු ගිණුම් තහනම් කරන බවට මස්ක් පවසා තිබේ.

මෙමඟින් බොහෝ ප්‍රහසන ශිල්පීන්ගේ ටිව්ටර් ගිණුම් බරපතල ගැටළුවකට මුහුණපා තිබේ. ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් තම ට්විටර් නාමය වෙනත් නම්වලට වෙනස්කර ගැනීම හමුවේ මස්ක් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර, එම අනතුරු ඇඟවීම හරහා ඔහු පවසා තිබෙන්නේ, මෙය සිදුකරන්නේ උත්ප්‍රාස අරමුණු මත බව පැහැදිලිවම සඳහන් කර නොතිබෙන්නේ නම් එවන් ගිණුම් තහනම් කිරීමට කටයුතු කරන බවයි.

මෙලෙස ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් – හෝ තම ගිණුම ට්විටර් සමාගම ඔස්සේ නිල වශයෙන් සත්‍යාපනය කිරීමේ නිල් පැහැති ලාංඡනය (Blue Verification Badge) ලබා ඇති පුද්ගලයන් – තම ගිණුමේ නම වෙනස් කිරීමට පෙළඹ තිබෙන්නේ මස්ක් විසින් එවන් ගිණුම් හිමියන්ගෙන් ඩොලර් 08 ක මුදලක් මසකට අයකරන බව නිවේදනය කිරීමට ප්‍රතිචාර වශයෙනුයි.

මීට ප්‍රධාන නිදසුනක් වූයේ ඉකුත් ඉරු දින (06) ප්‍රහසන ශිල්පිනී කැතී ග්‍රිෆින් විසින් තම නම ට්විටර් ගිණුමේ නම ඊලෝන් මස්ක් ගේ නමට වෙනස් කර ගැනීම ඔස්සේ ඇගේ ගිණුම තහනමට ලක්වීමයි.

තවත් අවස්ථාවක් ලෙස රංගන ශිල්පිනී වැලරි බර්ටිනෙලි විසින් ද එම ක්‍රියාවම සිදුකර තිබිණි. නමුත් ඊට පෙර ඈ තම ට්විටර් ගිණුම හරහා ඇමරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට සහයෝගය දක්වන ට්වීට් කිහිපයක් ද පළකර තිබිණි.

ප්‍රහසන ශිල්පිනී සේරා සිල්වර්මන් තම නාමය Sarah Silverman වෙනුවට Sarah K Silverman ලෙස වෙනස්කර ගැනීම හමුවේ ඇගේ ගිණුම අවහිර වී ඇති බවට වාර්තා විය.

යමෙකු අන් අයෙකු ලෙස පෙනී සිටීම (impersonation) අප අනුමත කරන්නේ ද නැත. නමුත් අප සිහියේ තබා ගත යුත්තේ ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙර එම සමාජ මාධ්‍ය ජාලය හැසිරෙන්නේ “වාමවාදීව” බව ශාස්ත්‍රීය ප්‍රකාශ ලබා දුන් සහ “භාෂණයේ නිදහස” සැමට තිබිය යුතු බවට පවසා ඉකුත් වසරේ පුද්ගලයන් සිව් දෙනෙකුට මරු කැඳවූ උන්මත්තක කැපිටල් හිල් කෝලාහලය තම සමාජ මාධ්‍ය හරහා මෙහෙයවූ බවට අනාවරණය වූ හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම තහනම්කළ පසු එය ද එම භාෂණයේ නිදහසට යටත් බව පවසා යළි යථා තත්ත්වයට පත් කරන බවට පැවසූ මස්ක් විසින් මෙවන් අනතුරු ඇඟවීමක් ට්විටර් පරිශීලකයන්ට ලබා දී තිබීම ය.

ඒ අනුව, මිනීමැරීමට උඩගෙඩි ලබා දුන් ට්‍රම්ප් වැන්නවුන්ගේ තහනමට ලක්වූ ට්විටර් ගිණුම් භාෂණයේ නිදහසේ නාමයෙන් යළි යථා තත්ත්වයට පත්කරන බවට ප්‍රකාශ ලබා දෙමින් වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටින ට්විටර් පරිශීලකයන්ගේ ගිණුම් සදහටම තහනම් කිරීමට පියවර ගැනීම මාධ්‍ය සදාචාරයේ වඳුරු කුණුහරුපයක් බවයි අපට නම් පැවසීමට ඇත්තේ.

එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය එළඹ ඇති සමයක, සහ රිපබ්ලිකානුවන්ගේ යළි නැඟිටීම සිදුවෙමින් පවතින සමයකම මෙවැනි නීතියක් මස්ක් විසින් හඳුන්වාදීමට කටයුතු කිරීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වනවා දැයි යන්න සාධාරණ සැකයක් මතුවීම ද වැළැක්විය නොහැකිය.

ඡායාරූප: Sky News

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...