ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763 ක් පිරවීමට තරඟ විභාගය දෙසැම්බර් පළමු සතියේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 දෙසැම්බර් මුල් සතියේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව , අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා තුළ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් පිහිටා තිබෙනවා. ග්‍රාම නිලධාරී වසමක් සඳහා එක ග්‍රාම නිලධාරියෙක් ලෙස තනතුරු 14,022ක් අනුමත වී තිබෙනවා.

2023.06.30 වන දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යවරයා ලෙස තීරණයක් අරගෙන 2023.05.28 වන දින නිකුත් කළ අංක 2230 දරණ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය අනුව 2023.03.31 වන දිනට පැවති පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අන්තර් ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තියෙනවා.

ඒ අනුව ගැසට් නිවේදනය අනුව අයදුම්පත් ලැබී ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මස විභාගය පැවැත්වීමට නියමිතයි. පළමු සතියේ විභාගය පවත්වන බවට විභාග කොමසාරිස්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්ට දන්වා තිබෙනවා. මේ ඉල්ලුම්පත් කැඳවලා දැන් වසර දෙකක් වෙනවා. ඒ අනුව එම විභාගය පැවැත්වීමෙන් පත්වීම් දීමට සුදුසුකම් ලබනු ඇත.” ලෙස අග්‍රාමත්‍යවරයා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...