පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතා..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොමැති බවත්, එබැවින් ඔහුගේ සේවා දිගුව නීත්‍යානුකූල නොවන බවත් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව පත්කළ පොලිස්පතිවරයෙකු මෙරට නොමැති බවත් එය බරපතල කාරණයක් බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පොලිස්පතිවරයෙකු නම් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත් එය නීත්‍යානුකූල බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කරමින් සිටින බවයි.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ සේවා දිගුව දෙවතාවක් අනුමත කළ බවත්, ඔහුගේ තුන්වන සේවා දිගුව අනුමත කර නොමැති බවත්, නව පොලිස්පතිවරයෙකු පත් කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය කර ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට පොලිස්පතිවරයකු නොමැති බවත් එය බරපතළ ප්‍රශ්නයක් බවයි. එය ජනාධිපතිවරයා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් එය දෝෂාභියෝගය කළ හැකි වරදක් බවත් ඔහු පැවසුවා.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...