ඊශ්‍රායලය බීරූට් වෙත නව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බේරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශයෙන් පදිංචිකරුවන්ට ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය ලෙබනන් අගනුවර වන බීරූට් වෙත නව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ගාසා තීරයේ සාගතය වළක්වා ගැනීමට දින කිහිපයක් ඇතුළත පියවර ගත යුතු බව ගෝලීය ආහාර සුරක්ෂිතතා විශේෂඥයින්ගේ ස්වාධීන සාගත සමාලෝචන කමිටුව මේ වනවිට අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ, ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයෙන් මියගිය සියලු දෙනාගෙන්  70%කට ආසන්න ප්‍රමාණයක් පලස්තීන ළමයින් සහ කාන්තාවන් බවත්, පසුගිය වසරේ ඔක්තෝබර් 7 සිට මේ දක්වා පලස්තීන ජාතිකයන් 43,508 ක් ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගොස් තිබෙන බවයි. තුවාල ලැබූ සංඛ්‍යාව 102,684 ක් බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...