ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති අතර දුරකථන සංවාදයකදී මස්ක් මැදින් පනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අතර පැවති දුරකථන සංවාදකට එලෝන් මස්ක් සම්බන්ධව ඇති බව ඇක්සියෝස් ප්‍රෙස් වාර්තා කර තිබේ.

මෙම දුරකථන සංවාදය මිනිත්තු 25 ක පමණ පැවත ඇති අතර ඒ අතරතුර මස්ක් ට්‍රම්ප් සමඟ සිට තිබේ. අනතුරුව ට්‍රම්ප් මස්ක්ට දුරකථනය ලබා දීමෙන් අනතුරුව මස්ක් හා සෙලෙන්ස්කි කෙටි සංවාදයක් පවත්වා තිබේ.

ප්‍රකෝටිපති මස්ක් මුලදී එක්සත් ජනපද රජය ඇතුළු තවත් ආයතන කිහිපයක අරමුදල් ආධාරයෙන් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා හරහා යුක්රේනයේ අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ ලබා දුන් අතර මෙම දුරකථන සංවාදය අතර සෙලෙන්ස්කි ඒ වෙනුවෙන් මස්ක්ට ස්තුති කර තිබු අතර එම අන්තර්ජාල පහසුකම දිගටම ලබා දෙන බවට මස්ක් මෙහිදී පොරොන්දු වී තිබේ.

ඇක්සියෝස් ප්‍රකශ කරන පරිදි ට්‍රම්ප් යුක්රේනයට දිගටම සිය සහය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් නිවෙනයක් නිකුත් කරමින් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, අපි සමීප සංවාදයක් පවත්වා ගෙන යාමට සහ අපගේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට එකඟ වූ බවත්, ශක්තිමත් සහ නොසැලෙන එක්සත් ජනපද නායකත්වය ලෝකයට සහ සාධාරණ සාමයක් සඳහා ඉතා වැදගත් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...