APEC හා G20 සහයෝගීතාව පිළිබඳව චීනයෙන් පැහැදිලි කිරීමක්

Date:

කොළඹ LNW:ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික සහයෝගීතාව හා G20 කණ්ඩායමේ සහයෝගීතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඊයේ (08) මේ බව පැවසුවේ බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට හා G 20 කණ්ඩායම් නායකයින්ගේ 19වන රැස්වීමට එක්වීමට නියමිත බව ද ඇය සඳහන් කළා.

ෂී ජින්පිං ජනාධිපතිවරයා APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට එක්වීම, චීනය ආසියා ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සිදු කරන වැදගත් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් බව ද මාඕ නිං මහත්මිය කියා සිටියා.

G 20 නායකයින්ගේ සමුළුවේදී චීනයේ අපේක්ෂාව සම්බන්ධයෙන් ද ඇය ප්‍රකාශ කළා. සමානාත්මතා‍වයෙන් යුත්, විධිමත් ‍බහුධ්‍රැවීය ලෝකයක් හා පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණයකට මුලපිරීමෙහි චීනය නිරත ව සිටින බවත්, පොදු සමෘද්ධිය සඳහා පෙළඹවීමක් ඇති කිරීමට චීනය කටයුතු කරන බව ද එහිදී සඳහන් වුණා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...