අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් තුළින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා – ජනපති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය ප්‍රදේශවල ඇත්තේ චක්‍රීය දුප්පත්භාවය පිළිබඳ අර්බුදයක් බවත් තම රජය යටතේ ගෙන එන විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය තමයි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම. හොඳ අධ්‍යාපනයක්, දැනුමක් ආණ්ඩුවක් විසින් ලබාදෙන්න පුළුවන් නම්, පවුල දුප්පත් වුණත් දරුවා උගත් නම් අද ඒ පවුල දුප්පත්භාවයෙන් ගොඩ එනවා. හැබැයි පවුලත් දුප්පත් නම් දරුවත් නූගත් නම් ඒ පවුලත් දුප්පත්, දරුවගේ පවුලත් දුප්පත්. මේක චක්‍රීය දුප්පත්භාවය පිළිබඳ අර්බුදයක්. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. එතකොට හැම දරුවාම පාසලෙන් එළියට එන්නේ අධ්‍යාපනය පිළිබඳව හෝ වෘත්තීමය ලෙස අනාගතයට පාර හදාගෙනයි”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගලදී පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...