රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):
2024 නොවැම්බර් මස මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335ක් දක්වා ඉහළ ගොස් ඇත.
නොවැම්බර් මාසයේදී පළමු දින පහ තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,785කි.
දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එය 4,488කි. ඉන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ චීනය යන රටවලිනි.