ඊශ්‍රායල රජයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

ඊශ්‍රායල ජාතිකයින් ඇතුලු විදේශකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව ඊශ්‍රායල රජය ශ්‍රී ලංකා රජයට සිය ප්‍රසාදය පළ කර තිබෙන අතර, ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරිමේ සුදානමක් පවතින බවට සැලවීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව ඊශ්‍රායල රජය පවසයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයට මෙලෙස ප්‍රශංසාව පළ කළ බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් අංශයේ ප්‍රධානී අවිවී එස්ට්‍රා මහතා ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා හමු අවස්ථාවේ දී ද ශ්‍රී ලංකා රජයට මේ පිළිබද ප්‍රශංසාව පළ කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...