ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි විපක්ෂයේ ආර්ථික ඔස්තාද්ලා ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් එවැනි නිවාස 218ක් මේ වනවිට සාදා නිමකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“කියන්නෙ නම් ආර්ථික ඔස්තාද්ලා කියලා, හැබැයි අද පුංචි කරුණක් ගැනවත් ඔවුන්ට අදහසක් හදාගන්න බැරි තරමට කොන්ෆියුස් වෙලා තිබෙනවා. හර්ෂ ද සිල්වා ආචාර්යතුමා ඇහුවා ලක්ෂ 10න් කොහොමද ගෙවල් හදන්නෙ කියලා. මම ආරාධනා කරනවා එන්න ගම්පහට යන්න, අපි ගෙවල් 218ක් නිමකරලා තිබෙනවා, 218ම පෙන්වන්නම් කොහොමද හදලා තියෙන්නෙ කියලා. මේක එහෙම දේශපාලන ව්‍යාපාරයක්. විපක්ෂයට ඒක තේරුම් ගන්න බෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ආරම්භ වූ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...