ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි විපක්ෂයේ ආර්ථික ඔස්තාද්ලා ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් එවැනි නිවාස 218ක් මේ වනවිට සාදා නිමකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“කියන්නෙ නම් ආර්ථික ඔස්තාද්ලා කියලා, හැබැයි අද පුංචි කරුණක් ගැනවත් ඔවුන්ට අදහසක් හදාගන්න බැරි තරමට කොන්ෆියුස් වෙලා තිබෙනවා. හර්ෂ ද සිල්වා ආචාර්යතුමා ඇහුවා ලක්ෂ 10න් කොහොමද ගෙවල් හදන්නෙ කියලා. මම ආරාධනා කරනවා එන්න ගම්පහට යන්න, අපි ගෙවල් 218ක් නිමකරලා තිබෙනවා, 218ම පෙන්වන්නම් කොහොමද හදලා තියෙන්නෙ කියලා. මේක එහෙම දේශපාලන ව්‍යාපාරයක්. විපක්ෂයට ඒක තේරුම් ගන්න බෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ආරම්භ වූ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...