සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර් 01වන දා සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කෙටි කාලීන රජයේ අරමුදල් සැලැස්මක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ සියලු කටයුතු ඇනහිටීම 39වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
ෆෙඩරල් රජයේ වසා දැමීමේදී ගමනාගමනය අඩු කරන ලෙස ගුවන් සමාගම්වලට මෙම සතියේ දැනුම් දීමෙන් පසු ඊයේ(08)දිනයේදී ගුවන් සමාගම් සිය ගුවන් ගමන් මේ වන විට 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර වැඩිපුරම අවලංගු කරන ලද ගුවන් තොටුපළවල් වූයේ චාලට්/ඩග්ලස් ඉන්ටර්නැෂනල්, නිව්වාක් ලිබර්ටි ඉන්ටර්නැෂනල් සහ චිකාගෝ ඕ’හෙයාර් ඉන්ටර්නැෂනල් ය.
ඊයේ(08)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ගුවන් සේවය “අවහිර කිරීම අවසන් කිරීම සඳහා වහාම විසඳුමක් ලබා ගන්නා ලෙස වොෂින්ටන් ඩී.සී. හි නායකයින්ගෙන්” ඉල්ලා සිටි අතර ෆෙඩරල් සේවකයින්ට වැටුප් නොගෙවීම සහ මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට ආහාර ආධාර ප්‍රමාද වීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්ත්වය රට තුළ වැඩි වැඩියෙන් දක්නට ලැබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයෙන් වසර දෙකකට පසු, 2018 දෙසැම්බර් මාසයේද මේ හා සමානව රජයේ අරමුදල් සම්බන්ධයෙන් කොංග්‍රසය එකඟ වීමට අපොහොසත් වීමෙන් පසු, දින 35 ක අර්ධ රජයේ වසා දැමිණි.