සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW:

ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට, මෙවර සූරතාවය මඟ හැරුණ ද, හොංකොං සය සාමාජික තරගාවලියේ බඳුන ශූරතාව දිනාගන්නට සමත් විය. ලදි. අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 21 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන ශූරතාව දිනාගත්තේය.

අවසන් තරගයේදී පිත්තෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වූ සචිත ජයතිලක නොදැවී ලකුණු 52 ක් ලබාගැනීමට සමත් විය. ජයතිකලගේ පිතිහරඹය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ පන්දු 13 න් රැස් කර ගත් ඔහුගේ ලකුණු 52 න් ලකුණු 48 ක්ම හයේ සහ හතරේ පහර වලින් යුක්ත විය.

ළහිරු සමරකෝන් ද පන්දු 4 කින් ලකුණු 14 ක් ලබාගත්තේය. ධනංජය ලක්‍ෂාන් සහ නිමේෂ් විමුක්ති එක්ව අවසන් පන්දු 16 දී ලකුණු 28 ක් ලබාගත් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 6 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 107 ක ඉලක්කයක් කරා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිතිකරුවෝ ඕවර 6 කදී ලකුණු 85 කට සීමා වූහ.

සිකුරාදා (7 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූරතා සටනෙන් බඳුන තරගාවලියට පහත වැටිණ. එහෙත් සෙනසුරාදා (8 වැනිදා) පැවැති බඳුන තරගාවලියේදී නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලබාගත්හ.

බඳුන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව ලකුණු 48 කින් පරාජය කරමින් ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 43 කින් පරාජය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...