*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ලංකාවට අවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණද ? වැඩවසම් ප්‍රතිසංස්කරණද ?

අද රට මුහුණපා ඇති අර්බූදය වනාහී ජාතික තලය තුල සිදුවූ හුදෙකලා වියුක්තයක් නොවේ. එය ගෝළීය ආර්ථිකය හා සමපාතවීමට අසමත්වීම නිසාම නිර්මාණය වූ පිපුරුමකි.

ආර්ථිකය පමණක් නොව ඒහා බැඳුන ඩොලර් බිලියන දේසීයක් ගිනිබත් කෙරූ උතුරේ ම්ලේච්ඡ ජනඝාතක යුද්ධයද මේ සීමාසහිත බවේම කොටසකි.

භාරත දේශයේ නායකයන් විසින් එකිනෙකට පුපුරණසුළු ජාතීන් රාශියක් ජීවත්වෙන දැවැන්ත ඉන්දියාව පෙඩරල් ව්‍යවස්තාවක් හරහා සමඟි කලේය. ඉක්බිති ආසියාවේ දැවැන්තම වෙළඳපොල පොල හිමි රට බවට ඉන්දියාව පත් කලහ. නමුත් ජනවර්ග තුනක් පමණක් ජීවත්වෙන පුංචි දූපතක් වන ලංකාවේ නායකයෝ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය කියන පටු මිත්‍යාව ඇතුලේ ඉඳන් රට හැම පැත්තකින්ම කාකොටා ගන්නා සහ බංකොලොත් අන්තයක් කරා අරගෙන ගියෝය.

මේ යුගයේ ධනේශ්වර පක්ෂයක් යනු ගෝලීය ප්‍රාග්ධනය රට තුලට ගෙන්වා ගැනීමට අදාලව රට තුල ධනේශ්වර ප්‍රතිසංස්කරණ සිදුකරන පක්ෂයකි. ධනේශ්වර නායකයෙකු යනු එකී කලයුතු ප්‍රතිසංස්කරණ පිළිඹඳව මනා අවබෝධයක් ඇති දූපත්වාදී මානසිකත්වයට එපිටින් ලෝකය දැකිය හැකි යුගකාරක මිනිසෙකි.

නමුත් සමස්තයක් ලෙස ගත්විට ලංකාව තුල කරදිය වලල්ලට එහායින් ලෝකය පෙනෙන ධනේශ්වර පක්ෂයක් හෝ නායකත්වයක් මෙතෙක් බිහිවී නැත.

ආදීවාසී සමාජයක් ශිෂ්ඨකරනය සඳහා රැගෙනයාම ආදිවාසී මනසක් සහිත නායකයෙකුට නොකල හැක්කකි. ඒ සඳහා වෙනත් යුගයකට අයත් යුගකාරක නායකත්වයක් අවශ්‍යවේ. අසල්වැසි ඉන්දියාවේ එවන් නායකයන් පහල වුවද අවාසනාවට මේ දූපත තුල එවන් නායකයන් ඉතාම විරල විය. මෙහි සිටියේ සාටක බාපන රෙදි බැනියම් ඔතාගත් පැරණි වැඩවසම් අතීතකාමය සමඟ දීග කෑ ඉතාම කුඩා ඔළුගෙඩි සහිත අර්බූයේම ගිළුනු වරිග නායකයන් පිරිසකි.

විශේෂයෙන්ම ලංකාව වැනි දකුණු ආසියාතික රටක සමස්ථ සමාජ ආර්ථික දේහයම සකස්වී ඇත්තේ අර්ධ වැඩවසම් ලක්ෂන සහිතවය. මෙහිදී ගෝලීය සියවසට අවතීර්ණ වීමට ප්‍රථම ඝෘජු ධනේශ්වර ප්‍රතිසංස්කරණ මගින් මෙහි නොනැසී පවතින වැඩවසම් ප්‍රාදේශීය අගතීන් බල රහිත කල යුතුව ඇත.

මෙහිදී ආසියාව තුල පොදුජන මනෝබාවයේ අතීතයේ සිට පැවත එන වැඩවසම් දූපත්වාදී අගතීන් පොදු වසංගතයක් ලෙස පවතින නිසා මේ කලාපයේ රටවල් සිංගප්පූරුවක් කරා රැගෙන යන්නේද නැතහොත් හයිටියක් කරා රැගෙන යන්නේද යන කාරනාවේදී දේශපාලන නායකත්වය යන බූමිකාව අතිශය තීරනාත්මක වේ.

කවර කලෙකවත් ලංකාව වැනි රටක් තුල සිදුකෙරෙන කෘෂි ආර්ථිකය යැපුම් සීමාවෙන් ඔබ්බට රැගෙනයාමට නොහැකිය. හේතුව ගෝළීය ආ‍ර්ථිකය තුල හෙක්ටයාර් මිලියන ගනන් යොදවා මහා තාක්ෂණය යටතේ වගාවන් සිදුකෙරෙන රටවල්වල ලාබ පලදාව සමඟ ලංකාව වැනි රටකට කිසිසේත්ම තරඟකල නොහැකි වීමයි. එවන් තත්වයක් තුල ගෝලීය ආර්ථිකයට සම්බන්දවූ දේශීය හා විදේශීය සේවා සැපයීම් ආර්ථිකයක් හරහා මිසක වවාගෙන කන ආර්ථිකයකින් ලංකාව කිසිදා ගොඩගත නොහැක.

තවත් පැත්තකින් ලංකාව වැනි තාමත් වැඩවසම් මුල් සිඳ නොගත් රටවල්වල කෘෂි ආර්ථිකයක් නැත. තාමත් ඇත්තේ වැඩවසම් වාදයකට නෑකම් කියන කෘෂි සංස්කෘතියකි.(ඇග්‍රිකල්චර්) එහිදී ආර්ථික වශයෙන් පමනක් නොව චින්තමය වශයෙන්ද මහා විප්ලවයක් කල හැකි විසල් මනසක් හිමි නායකයන් මෙවන් රටවල්වලට අවශ්‍යවේ. නමුත් ඒ වෙනුවට අපේ රටේ හිටියේ සිංහල බෞද්ධ ජාතික ච්න්තන වර්ගයේ කොමේණි විප්ලව කරන නායකයන් ය.

ජාතික රාජ්‍යය යනු ඝනවූ ස්ථිතික දෙයක් නොව තාවකාලික ඓතිහාසික නිශ්පාදනයක් පමණි. සමාජ සංවර්ධනයේ ගෝළීය රාමුව විසින් එයට සකසා දෙන වර්ධනය විසින්ම එයට අනාගත වල කපා දෙන්නේය.

ජාතික රාජ්‍යය යනු සංක්‍රමනික ඓතිහාසික ප්‍රපංචයක් පමණි යන සත්‍ය නොදත් ගෝළීය දර්ශනයක් නැති වාමාංශික පක්ෂයක් වේවා ධනේශ්වර පක්ෂයක් වේවා මේ යුගයේ අයත් වෙන්නේ ගෝත්‍රික කුළකයකට බැව් මේ මොහොතේ සඳහන් නොකරම බැරිය.

ලංකාව තුල මතවාද නිර්මාණය කලවුන් විසින් ප්‍රාග්ධන ආයෝජකයන් හඳුන්වාදී ඇත්තේ ගෝත්‍රිකයන් කොල්ලකෑමට පැමිනෙන මුහුදු කොල්ලකරුවන් පිරිසකට සමානවන පරිදිය.

ලංකා දූපත තුල ඇති වරායන් ගෝළීය පළදායීතවයක් තුල බාවිතාවීමට නම් ඒවා ගෝලීය වරායන් ජාලයක් සමඟ ඒකාබද්ධ විය යුතුය. ආධානි ව්‍යාපෘතිය යනු එකී ඉන්දු ලංකා එකාබද්ද ගෝලීය වරාය ව්‍යාපෘති සැලැස්මකි. එය හුදු ඉන්දියන් ව්‍යාප්තවාදයකට ලඝුකර දකින සහ සුද්දා නිර්මාණය කල ඉපැරැණි තනි වරාය දිගටම ඇදගෙන යන ජාතික චින්තන වමකට හෝ දකුණකට රට මේ අර්බූදයෙන් ගොඩගත නොහැක.

ධනවාදය ලෝක පරිමානව වර්ධනය වීම තුල සමාජවාදී විප්ලවය ගෝලීය කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාණ අරගලයක් වනු ඇතැයි මාක්ස් පවසා ඇතත් ලාංකීය වාමාංශිකයන් ගෝලීයකරණය යන නම ඇසුන සැනින් වෙව්ලා යයි. ඔවුන් ගොලීය කරණය දකින්නේ ජාතික ආර්ථිකය ගිලගැනීමට පැමිණෙන මකරෙකු ලෙසය. ඔවුන්ගේ එකම මහා විකල්පය ජාතික රාජ්‍යය ශක්තිමත් කිරීමය. ඇත්තෙන්ම ජාතික වූ සියල්ල ඇද හැලෙමින් පවතින මේ යුගයේ ශක්තිමත් ජාතික රාජ්‍යයක් යනු සුළුධනේෂවර පක්ෂවල විකාරයක් පමණි.

ලංකාවේ රාජ්‍ය නායකයන් සේම දිගින් දිගටම ව්‍යවස්තාදායක සබාවට සහ කැබිනට් මන්ඩලවලට පවා පත් උනේ ග්‍රාමීය මනසක් හිමි මිනිසුන් මිසක ගෝලීයකරණය පිළිඹඳව විසල් දැක්මක් හිමි අය නොවේ. ඔවුන් පෙනී සිටියේ ද ගෝලීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නොව අපස්සට යන වැඩවසම් ප්‍රතිසංස්කරණ වෙනුවෙනි.

ඇතැම්විට විට ඔවුන් ඒ හරහා ඔවුන්ගේ ප්‍රදේශ තුල ප්‍රභූවරුන් ලෙස දිගටම ඔවුන්ට පැවතීමට හැකි පටු වාසිය ගැන සිතුවාවුවද විය හැකිය.

මේ යුගයේ සංවර්ධනය යන මහා ප්‍රපංචය කිසි සේත්ම ජාතිකවාදී ප්‍රපංචයක් නොවේ. සිරිමාවෝගේ ජනසතුව හෝ මහින්දගේ ආශ්චර්‍ය් හෝ මේ හැම එකක්ම අයත්වන්නේ ගෝලීය ගුරුත්වයෙන් කන්ඩනය වූ ජාතිකවාදය පාදකකර ගත් ප්‍රතිගෝලීය වැඩවසම් වාදයන්ටය.

මෙතෙක් ලංකාවේ ධනේශ්වර පක්ෂ හා ධනේශ්වර නායකයන් මෙන්ම වමේ පක්ෂ හා වමේ නායකයන්ද යන මේ දෙපාර්ශවයම කඳවුරු දෙකක හිටියත් දෘෂඨිවාදීමය වශයෙන් දෙපාර්ශවයම සිටියේ ගෝලීය කරණයට එරෙහි දුපත්වාදී සුළුධනපති අස්තානයකය. අර්බූදය ඇත්තේ එතනය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan