කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදි කිරීම අද උදෑසන ආරම්භ කර ඇත…

Date:

රට තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය කළ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද උදෑසන (2022.11.09) ආරම්භ වී ඇත. බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ආයෝජන සිදු කර තිබෙන්නේ ඉන්දියාවේ අදානි සමාගමයි.

ඉන්දියාවේ අදානි සමාගමට මෙම බටහිර පර්යන්තය ලබාදීම සම්බන්ධව දැඩි ආන්දෝලනයක් නිර්මාණය වෙමින් පසුගිය දා එහි සේවකයන් සහ වෘත්තීය සමිති ද දැඩි විරෝධයක් පළ කරනු ලැබීය. ප්‍රථමයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙලෙස ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කටයුතු කටයුතු සූදානම් වුවත් දිගින් දිගටම එල්ල ඔව් විරෝධතා හමුවේ කොළඹ වරාය බටහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට රජය කටයුතු කරනු ලැබීය.

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා ඩොලර් මිලියන 700 ක් පමණ මුදලක් ආයෝජනය කරමින් ඉදිකිරිම සඳහා වන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. වසර තුනක් ඇතුළත වරාය බටහිර පර්යන්තය ඉදි කිරීම් නිමාවට පත් කිරීමට සැලසුම් කර ඇත . බටහිර පර්යන්තයේ වැඩ කටයුතු අද පෙරවරුවේ (2022.11.09) ආරම්භ වූයේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන ආරාධිතයන් ගේ සහභාගිත්වයෙනි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.09

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...