ගාලුමුවදොර පිටියේදී මියගිය අයවලුන් සිහිකර ඉටිපන්දම් දැල්වේ!

Date:

ගාලුමුවදොර අරගලයේදී මියගිය අරගලකරුවන් සිහිකිරීම සඳහා අද (09) දින ගාලුමුවදොර පිටියේදී සැමරුම් උත්සවයක් පැවැත්විනි.

ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින් පක්ෂ නියෝජිතයින් වෘත්තීය සමිති නියෝජිතයින්, බහුජන සංවිධාන නියෝජිතයින්, ඇතුළු අරගලකරුවන් එක්වමෙම සැමරුම් උත්සවය සහ නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරය සංවිධාන කොට තිබුණි.

මෙහිදී පොලීසිය විසින් උද්ඝෝෂණ ගෝල්ෆේස් හෝටලය පිහිටි ගාලුමුවදොර පිටියේ කෙලවර දක්වා ගෙනයාමට උත්සහ කිරීමේදී වරින් වරඋද්ඝෝෂණකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ සදහා විශාල පොලිස් බලෑනියක් ගාලුමුවදොර පිටියේ සහ ඒ අවට යොදවා තිබුණි.

කෙසේ වෙතත් ඒ සියලු බාධා කිරීම් හමුවේ වුවත් උද්ඝෝෂකයින් ගාලුපාර ඉදිරිපිට නිහඬව උද්ඝෝෂණයේ යෙදුන අතර මියගිය අරගලකරුවන් සිහිකරආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ගාලුමුවදොර පිටියේදී ඉටිපහන් දැල්වීමක්ද සිදුකෙරුණි.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...