71 වන ජාතික සූරතාවලිය බැඩිමින්ටන් මූලස්ථානයේදී

Date:

එළැඹෙන දෙසැම්බර් 4 වන දා සිට දෙසැම්බර් 10 වන දා දක්වා 71 වන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය පැවත්වීමට කොළඹ 7,මේට්ලන්ඩ් පෙදෙස, ශ්‍රී ලංකා බැඩිමින්ටන් මූලස්ථාන ගොඩනැඟිල්ල සූදානමින් පවතින බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කිවේදනය කරයි.මේ මොහොතේ ගැටවර වියේ පසුවන දක්ෂයන් ජාතික තලයෙන් මෙන්ම අන්තර්ජාතික තලයේ ද යම් යම් ප්‍රවනතා පෙන්වන බව දකින්නට ඇති නිසා මෙවර තරගාවලිය තියුණු තරගාවලියක් බවට පත්වෙනු ඇති බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් පෙන්වා දෙයි.

ප්‍රධාන වශයෙන් 71 වන ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජාතික සූරතාවලියට සහභාගිවීමට අවශ්‍යය තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන්,මේට්ලන්ඩ් පෙදෙස,කොළඹ 7 ලිපිනයෙන් හෝ එහි දුරකතන අංකය වන 0112686264 ඇමතීමෙන් ද,[email protected] නම් වූ ඒ සඳහා වූ විශේෂ විද්‍යුක් ලිපිනය හරහා ද ලබා ගන්නට හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...