පෙලොසිගෙන් බයිඩන්ට කුණු බැනුම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කලින් ඉවත් වූයේ නම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට එක්සත් ජනපද මැතිවරණයේදී වඩා හොඳ වීමට ඉඩ තිබූ බව කියමින් හිටපු සභා කථානා යිකා නැන්සි පෙලෝසි ජෝ බයිඩන්ට දොස් පවරා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, වොෂින්ටනයේ බලවත්ම දේශපාලනඥයෙකු වන පෙලෝසි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකශ කර තිබුණේ, “ජනාධිපතිවරයා ඉක්මනින් ඉවත් වූයේ නම්, තරඟයේ වෙනත් අපේක්ෂකයින් සිටිය හැකි” බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දුර්වල විවාද කාර්ය සාධනයෙන් සති කිහිපයක පීඩනයෙන් පසු පසුගිය ජූලි මස අවසානයේදී තරඟයෙන් ඉවත් වූ බයිඩෙන් නෙරපා හැරීමට ඩිමොක්‍රටිකයින්ගේ තල්ලුවට පෙලෝසි නායකත්වය දුන් අතර ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කමලා හැරිස්ට සිය මැතිවරණ ප්‍රචාරණය ක්‍රියාත්මක කිරීමට සීමාසහිත කාලයක් ලැබීම ඇයගේ පරාජයට හේතු වූ බවයි.

මේවන විටත් ජනාධිපතිවරණයේ සමහර ප්‍රාන්තවල ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර මේ වන විට රිපබ්ලිකානුවන් සෙනෙට් සභාවේ බලය ලබාගෙන ඇති අතර ඔවුන්ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සංඛ්‍යාවට යන්තම් අඩුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...