සටහන – රුවන් නෙළුගොල්ල
පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු වශයෙන් මහජන නියෝජිතයින් 9,000ක් කළ වැඩ ප්රමාණය දැන් කරමින් සිටින්නේ තිදෙනෙකු විසින් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් අපේක්ෂක නලින් හේවගේ මහතා පවසයි.
“තදියම දැන් ඒගොල්ලන්ට. ආණ්ඩුවක් නෑ, තාම ඉන්නෙ තුන්දෙනයි. 9,000ක් කරපු වැඩ තුන්දෙනෙක් කරන්නෙ. ඒක නිසා කෝචොක් කරන්න එපා, තාම මාසයයි. දැන් හැමදාම අහනවා හොරු ඇල්ලුවාද, උගන්ඩාවෙ සල්ලි ගෙනාවාද කියලා. ඔය කෝචොක් කරන කට්ටියට කියනවා, තව මාස හයක් යනකොට බලන්න ලංකාවේ හොරකම් කරපු හැම සතයක්ම ජනතාව සන්තක කරනවා සහතිකයි. ඒකට තමයි මේ ආණ්ඩුව හැදුවෙ”
නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 09) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
RN