සැමට නීතිය එකලෙස, රට තුළ කලකට පසු නව සංස්කෘතියක් නිර්මාණය වුණා – වැඩබලන පොලිස්පති!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

සියලු දෙනාට නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙස වත්මන් රජය උපදෙස් දී ඇති බවත්, දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා පැවති උත්සවයේදී වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකළ අතර, සැමට නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය කළ දැනුම් දීම පිළිබඳ  සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බව ඒ මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂ තත්ත්වයක් බවත්, ඒ තුළින් නව සංස්කෘතියක් නිර්මාණය වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...