ඔබ මේ ගැන දැනුවත් ද?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

ඉදිරියට එන්නේ අලු‍ත් අවුරුද්දේ පාසල් වාරයට පාසල් උපකරණ ගන්නා කාලයයි. නෙක පැහැයෙන් එන ප්ලාස්ටික් කෑම පෙට්ටි, වතුර බෝතල් වැහි වැහැලා. දෙමාපියන් විසින් පාට ,හැඩය , සහ දරුවන්ගේ ආශාව ගැන නොසිතා දෙවරක් සිතිය යුතු කාරණා කිහිපයක් ඇත.

පදික වේදිකාවලද තබාගෙන මේවා විකිණීම දැකගත හැකි මෙම පාසල් උපකරණ , දෙමාපියන්  නොදැනම තම දරුවන්ට අගතියක් කරන බව පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කළේය.

නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිත කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමු කරන ලෙස, එහි සභාපති උපුල් රෝහණ මාධ්‍ය හමුවකදී පැවසුවේය.

උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමඟ ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි.

එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටලීම් මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?