පාර්ලිමේන්තුව හොර ගුහාවක් නම් මාලිමාවේ අයත් ඒ හොර රංචුවේ කොටසක් – රනිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස් පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි පැවසුවත් දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් නියාමන පනත වැනි හොරු අල්ලන නීති සම්මත කළේ පසුගිය පාර්ලිමේන්තුවෙන් බවත් මැතිවරණ වියදම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාලිමාවේ මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ අය දැන් කියනවා පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියලා. ඔවුන්ගේ මහමැතිවරණයේ තේමාව පාර්ලිමේන්තුව සුද්ද කරමු කියන එක. එහෙනම් මොකක්ද IMF එක ගැන කරන්නෙ ? ඒකනෙ ප්‍රධාන කාර්යය. පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්නෙ ජනාධිපති විතරයි. ඒත් ජනාධිපතිතුමා මතක තියාගන්න ඕනෙ මේ පාර්ලිමේන්තුව තමයි මම ජනාධිපති කාලෙදී දූෂණ විරෝධී පනත සම්මත කළේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒක සම්මත කරන අවස්ථාවේදී මාලිමාව ඊට විරුද්ධව ඡන්දය දුන්නා කියලාත් මම මතක් කරන්න කැමතියි. එහෙනම් අද කොහොමද හොර ගුහාවක් කියන්නෙ ? හොරු අල්ලන එකට විරුද්ධ වුණේ ඔබතුමන්ලා. එහෙනම් ඔබලාත් මේ හොරු රංචුවේ කොටසක්”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 09) පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...