ඝාතනයක තවත් තොරතුරු එළියට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

අද (10) දහවල් අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියයාම පිළිබඳ තවත් කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් අඹුසැමි යුවළක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තැබූ නාඳුනන තුවක්කුකරු පළා ගොස් තිබුණි.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් තිබුණේ අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 46 වියැති කාන්තාවක් සහ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.  අදාළ යුවළ අසල්වැසියන් සමග පැවති ආරවුලක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට මින් පෙර පැමිණිල්ලක් සිදුකර තිබී ඇති අතර අද දහවල් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබුණේ එම පැමිණිල්ල ඉවත්කරගෙන යළි නිවස බලා යමින් සිටි අවස්ථාවේදී බව පොලිසිය පවසයි.

මියගිය මෙම අඹුසැමි යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයා අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බව අනාවරණය වේ. මීට පෙර අවස්ථාවකදී ද ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ නමුත් එම උත්සාහය ව්‍යර්ථ වී තිබූ බව, අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේය.

මෙම ඝාතනය සිදුකර තිබුණේ මින් පෙර ඝාතනය සැලසුම්කර තිබූ පිරිසම ද යන්න තවමත් අබිරහසක් වන අතර, මෙම ඝාතනය මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මත සිදුවූ ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැත. මීට වසරකට පමණ පෙර මරණකාරියගේ සහෝදරයා ද මත්ද්‍රව්‍ය සම්බන්ද සිදුවීමකට අදාළව ගලබොඩ ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර මෙම ඝාතනයත් එම සිදුවීම් දාමයේ දිගුවක් බවට සැක කෙරේ. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව වැඩිදුරටත් පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...