සුරතාවය කිරිගිස්තානයට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW:

අවුරුදු 19 පහළ මධ්‍යම ආසියානු කාන්තාව වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට කිරිගිස්ථානය සමත් වුණා.අවසාන තරගයේදී පළමු වටයේ ඉරණමම නේපාලයට අත් කර දුන් කිරිගිස්තාන ක්‍රීඩිකාවන් චට 3 -2 ජයක් ලබා ගන්නට සමත් වුණා. මාලදිවයින කණ්ඩායම වට 3-0 ක් ලෙස පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවන තැන අත් කරගත්තා.ශූරතාවය දිනු කිරිගිස්ථාන කණ්ඩායම මෙම තරගාවලියේදී පරාජය ක්‍රමයට ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට පමණයි.එහිදී ශ්‍රී ලංකාව ඔවුන්ව පරාජයට පත් කළේ 3- 0 ක් ලෙසයි.

නේපාල කණ්ඩායම සමග පළමු වටයේ පැවැති තරගය ශ්‍රී ලංකාව 3-1 ක් ලෙස පරාජයට පත් වුණා.එම තරගයේ දෙවන වටය ජය ගන්නට ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාව මඟ හැර නොගත්තානමි සහ අවසන් පූර්ව තරගයේදී කිරිගිස්තානයට එරෙහි තරගයේ පළමු වටය ජය ගන්නට ලැබුණු අවස්ථාව මග නොහැරියානම් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මේ තරගාවලියේ ලියන්නට තිබුණ කතාව ශ්‍රේෂ්ඨ එකක් වන්නට තිබුණා.

නේපාල තරඟයේ ජය ගන්නට තිබුණු වටය මඟ නොහැරුනේ නම් එම තරගයේ නේපාලය ජය ගත්තත් එම ජය වට 3- 2 ක් වෙනවා.එසේ වූවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී හමුවන්නේ මාල දිවයින කණ්ඩායමයි.එසේම අවසාන පූර්ව තරඟයේදී කිරිගිස්තානයට එරෙහිව පළමු වටය ජය ගත්තා නම් ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව පිට පිටම ජය ගත් සිව්වන වටය එය වෙනවා.එසේ වූවා නම් එය කිරිගිස්තානයට පීඩනයක්ව තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වන්නට තිබුණා.

කෙසේ වුවත් විවිධ හේතූන් මත අවුරුදු 19න් පහළ පාසල් ක්‍රීඩිකාවන් තමන්ගේ පෞද්ගලික ඉලක්ක අරභයා සඟවා ගනිද්දී අවුරුදු 16 පහළ වැටි කියන්න හයදෙනෙකු ද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය තුළ දක්වන ලද දක්ෂතා අගය කළ යුතු වෙනවා.එසේම ආසියාවේ තමන්ට වඩා වයසින් වැඩි,ඇතැම් විට සිරුරින් වැඩි වූ ක්‍රීඩිකාවන් අභිබවමින් ක්‍රීඩා කළ හැකි බව පෙන් වූ මෙම ලාබාල ක්‍රීඩිකාවන් රැක ගැනීමටත් වැඩ සැළසුමක් සකස් කල යුතු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන්ගේ නෑ හිතවතුන් බොහෝ දෙනකු කියාපෑවේ ඔවුන්ගේ ජීවිතවල දුෂ්කරතා සහ යහපත් ආර්ථිකයක් නොමැති බවයි.ඇතැම් විට ඒ දරිද්‍රතාවයේ සෙවනැලි සමඟ දැන උගත්කමේ අඩෝ ලුහුඬුකම් ද එකට ගැට ගැසී තිබිය හැකියි.

ජාතික ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන විට අමතක කළ නොහැකිම ප්‍රධාන ගැටලුවක් වන්නේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන පොළව තුළ පවතින මේ ආර්ථික සහ සමාජීය දුෂ්කරතායි. ක්‍රීඩා හැකියාවේ පොහොසත්කම ගෙදර ආර්ථිකයේ දුප්පත්කම නිසා පීඩාවට පත් නොකරන මට්ටමට ඔසවා තබන සහයක් ලෙස දැනෙන ශිෂ්‍යත්ව ක්‍රමයක් මෙන්ම අධ්‍යාපනික අතින් ඉහළට එසවිය හැකි සැලසුමක්ද සකස්වන්නේ නම්,මේ දැරිවියන් අතරින් මධ්‍යම ආසියාවට නොව ආසියාවට ද අභියෝග කළ හැකි සංචිතයක් සකසා ගත හැකියි. කණ්ඩායමේ සිටි උසම ක්‍රීඩිකාව අප්සරා ද,තවම අවුරුදු 14 ක කෙල්ලෙකි.ඒ පොඩිකමට තිගැස්සෙන,එහෙත් දක්ෂතාවය ඇති බව පෙන් වූ ඇය මෙන්ම එහි සිටි සියළු ලාබාල ක්‍රීඩිකාවන් අනාගත වොලිබෝලයට වටින අප්සරාවෝම වෙති.ඒ විශ්වාසය සමඟ අනාගතය සුරක්ෂිත කරන පිළිගැනීමක් දෙන්නේ නම් එයට ප්‍රතිචාර ලෙස ජයග්‍රහණ ලැබෙනු ඇත.

තරගාවලිය සංවිධානය පහසුු එකක් නොවේය.ඒ අපහසු ආර්ථික කඩුල්ල පැන ශ්‍රී ලංකාව ජය ගත්ත ද,කුසලානය පිටතට ගොස් ඇත.එය කණගාටුවට කරුණකි.එහෙත් ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ වයස සහ හැකියාව බලන විට මෙම කුසලානය ඉදිරියේදී වසර කිහිපයක් ශ්‍රී ලංකාවට තබා ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය. ඉතිං අභියෝගය එන්නේ මේ අඛණ්ඩ රැක බලා ගැනීම සම්බන්ධයෙන්ය.ආර්ථිකය,අධ්‍යාපනය නිරන්තර අධීක්ෂණය වැනි කාරණා සඳහා වැඩ සැකස්මක් රටට නැති තැන වොලිබෝල් හරහා හෝ එය සකස් කළ හැකිනම් එය ජයග්‍රාහී ආදර්ශයක් වනු සැක නැත. එසේම මාධ්‍යයට තරගය නිමා වූ සැනින් ඡායාරූප සහ තොරතුරු ලැබෙන ආකාරයට මාධ්‍ය කටයුතු සැළසුම් වී තිබීමෙන් මාධ්‍යකරුවන් ලෙස අපට දැණුන පහසුවට ද ස්තූති කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...

අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...