විදේශ සංචිත සුළු වශයෙන් පහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 6,216ක් වශයෙන් සටහන්ව තිබේ.

මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඇමරිකානු ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පරිමාණ අඩුවීමකි.

මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩුවී ඇත.

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා වැඩිවී තිබේ. පසුගිය මාසයේදී ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල ඉහළ යාමත් සමග මෙසේ මහබැංකුවේ රන් සංචිතවල වටිනාකමත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...