විදේශ සංචිත සුළු වශයෙන් පහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 6,216ක් වශයෙන් සටහන්ව තිබේ.

මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඇමරිකානු ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පරිමාණ අඩුවීමකි.

මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩුවී ඇත.

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා වැඩිවී තිබේ. පසුගිය මාසයේදී ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල ඉහළ යාමත් සමග මෙසේ මහබැංකුවේ රන් සංචිතවල වටිනාකමත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...