සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW :

මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් තිබෙන බව වාර්තා වේ. ඒ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

මෙසේ මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි නමැති 19 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව වාර්තා වේ.

දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය 09 දින පස්වරුවේ තම අධ්‍යාපන කටයුතු කාමරයේ සිදුකරමින් සිටියදී රාත්‍රී නිදා ගෙන උදෑසන අවදි නොවීම නිසා දෙමව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි නිසා වහාම ඇයව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට රැගෙන විත් තිබෙන බව සඳහන් වේ.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇති බව පැවසේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය පාඩම් කටයුතු කළ කාමරය පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර තිබේ.

සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු බවත් ඇයට බාල නැගණියක්ද නිවසේ සිට තිබෙන බව වාර්තා වේ.

ඇය අධ්‍යාපනය සඳහා විශාල උනන්දුවක් දැක්වූ සිසුවියක් වන අතර ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවයන් පිළිබඳව සටහන් රැසක් අලවා තිබෙන බවද සඳහන් වේ..

එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීම බවටද ඇය බිත්තියේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.

මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී අද දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ පිලිබදව වැඩිදුර විමර්ෂණ දඹුල්ල පොලිසිය විසින් පවත්වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...