IEEEXtreme 2026 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවන ස්ථාන NSBM පරිණක පීඨ කණ්ඩායම් දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :

NSBM හරිත විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය නියෝජනය කළ කණ්ඩායම් දෙකක් IEEEXtreme 2026 ජාත්‍යන්තර තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවන ස්ථාන හිමි කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව ඇත. තරඟාවලියට එක්වූ ශ්‍රී ලාංකික කණ්ඩායම් අතරින් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ගත් ඔවුන් ලෝක මට්ටමින් 61වන සහ 62වන ස්ථාන හිමිකර ගත්හ. තවදුරටත් කැපී පෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් NSBM පරිගණක පීඨ කණ්ඩායම් හයක් ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම් 11 අතරට ද, ලෝකයේ හොඳම කණ්ඩායම් 146 අතරට ද එක්වීම විශේෂත්වයකි.

IEEEXtreme යනු IEEE (Electrical and Electronics Engineers) ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පරිගණක වැඩසටහන්කරණ තරගාවලියකි. මෙහිදී ලොව පුරා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් එක්ව පැය 24 ක සීමිත කාලයක් තුළ සංකීර්ණ පරිගණක වැඩසටහන්කරණ සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තරඟ වදී. සහභාගී වන්නන්ගේ වැඩසටහන්කරණ දැනුම, තාර්කික චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව මෙහිදී ඇගයීමට ලක් වේ.NSBM පරිගණක පීඨයේ සිසුන්ගේ අද්විතීය තාක්ෂණික නිපුණතාව සහ සහයෝගීතාවය මැනවින් පිළිබිඹු කරන අතර, ප්‍රායෝගික දැනුමෙන් හා සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාවෙන් යුත් උපාධිධාරීන් බිහිකිරීම සඳහා පරිගණක පීඨය දරන අඛණ්ඩ කැපවීම ද මනාව විදහා දක්වයි.

NSBM හරිත විශ්වවිද්‍යාලය මෑතකදී සිය දසවන සංවත්සරය අභිමානයෙන් සැමරූ අතර, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතාවය හා හැකියාවන් ජාත්‍යන්තර වශයෙන් නැවත වරක් තහවුරු කිරීමට මෙම සුවිශේෂී ජයග්‍රහණය සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : මාතලේ දුම්රිය මාර්ගයේ...

ක්ලීන් ශ්‍රී ලංකා – පිරිසිදු පුරවර’ : ගෘහස්ථ කොම්පෝස්ට් සකස් කිරීමේ’ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 'ක්ලීන් ශ්‍රී ලංකා...

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : 1990 සුවසැරිය ජාතික...

රඹෑව බස් රථ තුනක් ගැටීමෙන් පස් දෙනෙකු මරුට: 40 දෙනෙකුට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී ශ්‍රී...