සහභාගීත්වයම ජයක්

Date:

ආසියානු සත් සාමාජික රගර තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වැළක්වීමට ආසියානු සම්මේලනයට ද,එහි සිටින ශ්‍රී ලාංකික නිලධාරීන්ට ද තිබුණු උවමනාව යම් පමණකට ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙවන අදියර නියෝජනයට ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.ඒ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආසියානු රග්බි සම්මේලන ප්‍රධානියාට කරුණු දැක්වීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ධජය යටතේයි.රටේ නීතිය ප්‍රකාරව ක්‍රියාත්මක වීමට මෙන්ම නිලවරණය පැවත්වීමට ද අධිකරණයෙන් බලය හිමිව තිබියදී හිටපු අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයකට අධිකරණය පැන වූ වාර්ණ නියෝගයක එල්ලී සිටින ආසියාතික රගර් ප්‍රධානියා මෙන්ම මෙරට ක්‍රීඩා සමාජ එකඟතාවයකින් බලයට ඒමට අපොහොසත් ආසියාව හා සබඳතම් ඇති ලාංකේය චරිත කිහිපයක් ශ්‍රී ලංකාව මේ තරගාවලියෙන් ඉවත්කර තබන්නට ගත් උත්සාහයට එරෙහිව කරුණු දක්වන්නට ඔලිම්පික් කමිටු සභාපතිවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ද මැදිහත් වුණා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකත්වය ඇති ආයතනයක් හැටියට ආසියානු රගර් සම්මේලනයේ හැසිරිම ප්‍රතිපත්තිමය වශයෙන් ද,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිතිමය ප්‍රතිපාදනයන් යටතේ ද වැරදි බව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා පෙන්වා දෙමින් ගත් මේ අවසරය මත තරගාවලිය නියෝජනයට පැමිණි බාධක මඟ හරවා ගැනීමට නැවත සහයට පැමිණියේ ක්‍රීඩා අමාත්‍යවරයා යි.ඔහුත්,නිපොන් පේන්ට්, WEBXPAY සහ True Digital Printයන අනුග්‍රාහක මැදිහත්වීම මත මෙවර ආසියානු සත් සාමාජික තරගාවලියට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි වෙනවා.
මෙවරත් ශ්‍රීනාත් සූරිය බණ්ඩාර ට පිරිමි කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙනවා.ඔහු යටතේ එම කණ්ඩායම නියෝජනය කරන අංජුල හෙට්ටිආරච්චි,චතුර සෙනවිරත්න,ආකාශ් ඹධුශංඛ,අදීශ වීරතුංග,මිතුන් හපුගොඩ,නයිජල් රත්වත්ත,තරින්ද රත්වත්ත,කවිඳු පෙරේරා,රමේෂ් ප්‍රනාන්දු,දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල අතරින් ආකාශ් මධුශංඛ සහ දර්ශන දාබරේ ජාතික නියෝජනයට නවක ක්‍රීඩකයින් වෙනවා.කාන්තා කණ්ඩායමට නව නායකත්වයක් ලැබී තිබෙනවා.ඒ දුලානි පල්ලකොන්දගේ නව නායකත්වය යි.ඒ යටතේ මෙවර තරගාවලියට ජයන්ති කුමාරි,ආර්.එස්.ඒ.කුමාරි,දිලිනි කාංචනා,ශානිකා මධුමාලි,තීක්ෂණා ලියනගේ,අයේශා පෙරේරා,උමයංගනා තත්සරණි,ඩිලානි පොල්හේවගේ,චමෝධ්‍යා මධුමාලි,රන්දිකා කුමුදුමාලි සහ තනූජා වීරක්කොඩි සහභාගි වෙනවා..
පිරිමි කණ්ඩායමට නිල්ෆර් ඉබ්‍රාහිම් පුහුණුකාරත්වයෙන් සමබන්ධ වන අතර කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වය පැවරි ඇත්තේ සාලිය කුමාරට යි.කමල් පිටිගල පිරිමි කණ්ඩායමේ කළමණාකාරීත්වය දරන අතර කාන්තා කණ්ඩායමේ කළමණාකාරීත්වය සමන්තා නානායක්තාර වෙත පැවරී තිබෙනවා.
ශ්‍රී ලංකාව නොවැම්බර් 12 වන සෙනසුරාදා සියොල් නුවරදී තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං සහ චිනය අයත් වෙනවා.කාන්තා කණ්ඩායම නියෝජනය කරන්නේද බී කාණ්ඩය වන අතර එහිදී ශ්‍රී ලංකාව,චීනය,කසකස්ථානය සහ හොංකොං කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකා රගර් සම්මේලන ප්‍රකාශකයෙක් පැවසුවේ විවිධ බාධා කිරිම් මැද,රටේ නීතිමය තත්ත්වයන් හෝ නොසළකා හරිමින් කටයුතු කරන්නට යම් ශ්‍රී ලාංකිකයන්ද ආසියානු සංගමය පොළඹවමින් සහ ඊට ආශිර්වාද දෙමින් සිටින මොහොතක ක්‍රීඩා අමාත්‍යවරයා රට වෙනුවෙන් කරන ලද මැදිහත්වීම සහ ලබා දුන් අනුග්‍රහය දුර්ලභ මෙන්ම අභීත තීරණයක් බවය.දශක ගණනාවක් තිස්සේ නොවුණු අලුත් අංග සහ අංශ සමඟ ශ්‍රී ලංකා රගර් යන ඉදිරි ගමණට ආශිර්වාදයක් වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව ද,එකතැනක සිටගෙන ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටීමද රටේ ක්‍රීඩාව ගැන යහපත් බලාපොරොත්තු ඇති කරවන්නක් බව ද එම ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.
තරගාවලියට සහභාගිවන කාන්තා සහ පිරිමි කණ්ඩායම් රටේ රගර් ක්‍රීඩාවට සිඳුවන කෙනහිලිකම්වලට එදිරිව යන්නට ශ්‍රී ලංකා රගර් වෙත ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික ඔලිම්පික් කමිටුව, නිපොන් පේන්ට් ප්‍රමුඛව ඒ වටා රොද බැඳ සිටින සියළුම අනුග්‍රාහකයන් සහ ආදරණියන් ද,මාධ්‍ය ආයතන සහ මාධ්‍ය හිතවතුන් ද වෙනුවෙන් රටේ අභිමානය ඉහළම තැනකට ගෙන යාමට මේ තරගාවලියේදී සෑම කැපවීමක්ම කරනු ඇති බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නා.


මේ සමඟ අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමේ නිල ඇඳුම නිපොන් පේන්ට් හී සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ විසින් ලබා දුන් අවස්ථාව සහ කණ්ඩායම් ඡායාරූප දැක්වෙනවා.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...