ජනාධිපති ගේනවා කියපු ඩොලර් බිලියන 4 කෝ ? – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රටත් ජනතාවත් අන්දවන පරිච්ඡේදයක් අද යළිත් ආරම්භ වූ බවත්, දිනෙන්, දින රැස්ව කතා පවත්වා, විසිරී යාම හැරුණුකොට රට ගොඩනැගීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇති පොරොන්දු මොනවාදැයි රටට හෙළිදරව් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, රට වැටී ඇති බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද චෝදනා කළා.

” දරුවන් සාගින්නේ, මන්දපෝෂණයෙන් පාසල් වල ඇද වැටෙන තත්ත්වයක් උදාවෙලා. ඒ පිළිබඳව හෙළිදරව් කරන නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරනවා.”

වර්තමාන ජනාධිපතිවරයා එදා ඇමරිකානු ඩොලර් බිලියන හතරක් අතේ තියාගෙන ජනාධිපතිකම ලබාගත් බවට කළ ප්‍රකාශයක් සිහිපත් කළ විපක්ෂ නායකවරයා ප්‍රශ්ණ කර සිටියේ, ඒ මුදල් කොහේදැයි යන්නයි.

මේ සියල්ල මැද ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ, විවිධ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් බිලිබා ගන්නට බව පැවසූ විපක්ෂ නායකවරයා මේ දුර්ධාන්ත ආණ්ඩුවට එක්වීමට සමගි ජන බලවේගයේ කිසිවෙක් නැතැයි ද කියා සිටියා.

දේශපාලන ඉරිසියාවෙන් සහ කුහකකමින් පිරුණු ආණ්ඩුවට, මේ රට ගොඩනැගීමට නොහැකි බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හකුලුවා රට ගොඩනගන බවට මායාවක් ඉදිරිපත් කරමින්, ආණ්ඩුවේ මැති ඇමති තනතුරු වර්ධනය කරගන්නා බවට චෝදනා කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...