*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ජාතික ජනබලවේගයේ මාවත සහ ලාල් කාන්ත භූමිකාව

ස්ටාලින්වාදයට අනුව වාමාංශිකයන්ට කිල්ලට හසුනොවී බලය අල්ලාගතයුතුවූ ශුද්දවූ වෙනම ක්‍රමවේදයක් ඇත. එකී ක්‍රමවේදය නම් විප්ලවවාදී ජිවගුනය රැකගනිමින් ලේ ගලන විප්ලවයක් තුලින් බලය ලබාගැනීමය.
මෙහිදී ස්ටාලින්වාදයට අනුව මහජන මතය හරහා පාර්ලිමේන්තුව තුලින් බලය ලබාගැනීම දියාරු ක්‍රමවේදයකි. ඔවුන්ට අනුව එය සංශෝධනවාදයකට වැටීමකි. ස්ටාලින් වාදීන්ට අනුව පාර්ලිමේන්තුව යනු වාම මතවාදය බෙදාහරින වේදිකාවක් පමණක් විය යුතුය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල මොනතරම් අඩුපාඩු තිබුනත් මෙතෙක් මිනිස් වර්ගයාට පාලකයන් පත්කර ගැනීම සඳහා මැතිවරණ සහ පාර්ලිමේන්තුව හැර වෙනත් යහපත් ක්‍රමවේදයක් හමුවී නැත. හමුදා ජුන්ටාවක් විසින් හො ස්ටාලින්වාදී ෆැසිස්ට් කන්ඩායමක් විසින් හෝ ප්‍රචන්ඩත්වය තුලින්  බලය අල්ලා  ඔවුන්ගේ මතය යනු ජනතාවගේ මතයම බව කීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවෙනේ නැත.
එය ශිෂ්ඨ ලෝකය පිලිකුල් කරන ඇන්ටි-ඩිමොක්‍රසි ක්‍රියාකලාපයකි.

අනූහතරට පෙර ජ.වි.පෙ.යනු උපතින්ම පෙරාපු ස්ටාලින්වාදී ව්‍යාපාරයකි. නමුත් නූතන ජ.වි.පෙ. යනු ජා.ජ.බ. ය හරහා ශිෂ්ඨත්වයට පත්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණි දේශපාලන ව්‍යාපාරයකි.
පසුගිය අරගලය තුල පෙරටුගාමීන් කැලෑ ආන්ඩු හදන තැනකට තත්වය තල්ලුකරන විට අර්බූදයට එකම විසඳුම මැතිවරණය පමණක් බව ජා.ජ.බ. ය ප්‍රකාශකර සිටියේය. ඒ ප්‍රකාශය තුල ජා.ජ.බ. යේ ස්ටාලින්වාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය දක්වාවූ රූපාන්තරනය හොඳින් පැහැදිලිව පෙනින. මේ අතර පෙරටුගාමීන් ජ.වි.පෙ. පරණ නරුම උරුමය මහත් අමාරුවෙන් වැටිවැටී කරගසාගෙන යනු පෙනේ.

පසුගිය අරගල සමයේ ගෝඨා පන්නා දමා රට අරාජිකව තිබූ මොහොතේ විජේවීර බලවේගයේ අති විශාල කොටස ජා.ජ.බ.ය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්ව තිබීමත් එහි කුඩා කොටසක් පමණක් පෙරටුගාමීන් නමින් විජේවීර උරුමය දරාසිටීම රටේ වාසනාවකට හේතුවිය. මන්ද, බැරිවෙලාවත් ඒ මොහොතේ පරණ විජේවීර බලවේගය එකම පක්ෂයක් ලෙස ඒ මොහොතේ තිබුනේ නම් ඇතැම් විට ලංකාවේ මේ වනවිට ඇත්තේ කැලෑ ආන්ඩුවකි.  එවන් තත්වයයක් තුල නිර්මාණය වන්නේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සඹඳතාවයන් නැති ‍රටේ ජනතාවට පැනඩෝල් පෙත්තක්වත් හොයාගන්ට නැති බියකරු හයිටියකි. එහිදී ඇත්තෙන්ම අනුර කුමාරගේ ඒ මොහොතට අදාල බාවිතාව සම්බන්දව අප ස්තූතිවන්ත විය යුතුය.

මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නැමති ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයක් අලවා තිබුනට පරණ ජ.වි.පෙ. තුල ප්‍රජාතන්ත්‍රවාදයේ අබමල් රේනුවක්වත් තිබුනේ නැත. භීෂණ සමය තුල මෙන්ම ඊට පෙරද එහි අබ්‍යන්තර කටයුතු කටයුතු වලදීද එළියේ සමාජය සමඟ ගනුදෙනු වලදීද ජ.වි.පෙ.ය අනුගමනය කලේ දෘඩ ඒකාධිපති බාවිතාවකි.

ජ.වි.පෙ. මතවාදයට ප්‍රතිවිරුද්ධ මත දැරූ දයා පතිරණ වැනි ශිෂ්‍ය බුද්ධිමතුන්ද, නළුවන්,ගායිකාවන්, ගීත රචකයන්, කලාකාරයන් ඔවුන් විසින් ඝාතනය කල බව එහි පැරණි සාමාජිකයෙකු වන මා හොඳින් දන්නා කරුණකි. එපමණක් නොව ඔවුන් සමඟ එකට දේශපාලනය කල ජ.වි.පෙ.විමුක්ති ගී රචක සහ පක්ෂයෙන් පිටතට ගොස් වෙනස් මතයක් දැරූ නන්දන මාරසිංහ වැන්නන්ද ඔවුන් විසින් කෘර ලෙස මරා දැමුනි.

ජාතිවාදී ගොහොරුවේ වැටී ජීවිතයේ අවසාන කාලය නන්නාතාර උනු සෝමවංශ ගේ හැසිරීම තුලින්ම ඔහු විජේවීරගේ ගෝලයෙක් මිස දේශපාලන විඥ්ඥානයක් හිමි අයෙකු නොවන බව ඔප්පු විය. මෙවන් ස්ටාලින්වාදී ව්‍යාපාරවල දේශපාලන මන්ඩල හා මධ්‍යම කාරකසබාවල් පුරවාගනු ලබන්නේද නායකයාගේ වචනයෙන් පිට හිතන්ට බැරි කීකරු එහෙයියන්ගෙන්‍ ය.

අද ජ.වි.පෙ.ය සහ පෙරටුගාමීන් විසින් විරුවන් ලෙස මල් පුදන ඉතිරි දේශපාලන මන්ඩල සභිකයන්ද, මධ්‍යම කාරක සභිකයන්ද අද ජීවතුන් අතර සිටියේ නම් සෝමවංශට වෙනස් බූමිකාවක් ඔවුන්ගෙන් දැකගත හැකිවෙතැයි මම නම් සිතන්නේ නැත.

ලයනල් බෝපගේ වැන්නවුන් ද්‍රෝහීන් ලෙස සලකා පක්ෂයෙන් පන්නා දැමීමට හේතුවූයේද වෙන අන් කවරක්වත් නොව ඔවුන් නායකයාගේ හුදු එහෙය්යන් පමණක් නොවීමත් ඔවුන්ට නායකයාගෙන් පිට නිදහස් චින්තනයක් තිබීමත් නිසාත්ය.

ජා.ජ.බ.ය මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් දක්වා රූපාන්තරනය වීමට බලපෑ ප්‍රධානම හේතුව පෙර පැවති ග්‍රාමීය නූගත් ලුම්පන් පදනමෙන් ගැලවී රාජ්‍ය තාන්ත්‍රික පාර්ලිමේන්තු පක්ෂයක් බවට එය ක්‍රමයෙන් පත්වීමය.

ඒ හරහා හැටේ දශකයේ විජේවීරයන් තිස්සමහාරාමයේ බස් හෝල්ට්වල ලගිමින්, ඌරු කොටුවල තිබූ ගෝවා කොල තම්බා කමින් හා සමාජිකයන් බුලත්විට හපමින් රැවුල් නොකපමින් සිටි පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන හා දියුණු ගොඩනැගිලි දියුණු මේවලම් බාවිතාකරන රැවුල් කපන වෙනස් දියුණු මිනිසුන් ඇසුරුකරන සබ්‍ය ව්‍යාපෘතික් බවට රූපාන්තරනය විය.

මෙහිදී ස්ටාලින්වාදී පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස හැව ඇරීමෙදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹද විශේෂ්ඥ්ඥයින් පිටින් ඇනවුම් කල යුතුය. මන්ද පැරණි අබ්‍යන්තරය පිරී ඇත්තේ ස්ටාලින්වාදී රූකඩ වලිනි.

ඉතින් මේ කටයුත්ත සඳහා අනුර දිසානායකගේ බූමිකාව අතිවිශාල එකක් විය. ඔහුට මේ කටයුත්ත පහසුවීමට බලපෑවේ ඔහු අසූනමය යුගයේ දේශපාලනයේ අරටු බැහැපු චරිතයක් නොවීම නිසා යැයි මම සිතමි.
ඇත්තෙන්ම අනුර විසින් ජ.වි.පෙ.යේ පැරණි ස්ටාලින්වාදී පදනම ව්‍යාපාරයේ අති බහුතරයටත් හොරා යටින් ඇද විසිකර දැමීය.

හරිණි අමරසූරිය, ප්‍රබා මනුරත්න, ලියනගේ අමරකීර්ති වැනි චරිත ජා.ජ.බ.යට පිටතින් ආනයනය කල චරිතවේ. ජා.ජ.බ. යට ලැබුන පාර්ලිමේන්තු ආසන තුනෙන් එකක් ලාල් කාන්තට නොදී හරිණිට ලැබෙන්නේ මේ අනුවය. ටිල්වින් සහ ලාල් වැනි එළියේ චරිත සහ පක්ෂ අභ්‍යන්තරයේ පරණ චරිත මේවනවිට බල රහිතව පක්ෂය තුල අවතැන් වන්නේද මේ රූපාන්තරනයට අනුවය.

අවම වශයෙන් සරසවි අධ්‍යාපනය හෝ නොලද ටිල්වින්, ලාල් වැනි කල් ඉකුත්වූ චරිත තවදුරටත් මාහාචාර්‍ය් වරු වැඩවසන ජා.ජ.බ.යට අදාල නැත. මේවනවිට ඔවුන් අදාලවෙන්නේ පෙරටුගාමීන්ගේ ස්ටාලින්වාදී කයිවාරුවලට පමණි.

අනික් පැත්තෙන් මේ මොහොතේ ලාල් වැනි චරිත විසින් බාවිතාකරන පරණ ජ.වි.පෙ.ට අයත් ලුම්පන් වාග් හරඹය නිසා ජා.ජ.බ.ය හදාගත් ඉහල මධ්‍යම පන්තියේ චන්ද පදනමටද හානි පමුණුවයි. තවත් පැත්තකින් නූතන ජා.ජ.බ. මහාචාර්ය සමාජය සමඟ ලාල් වැනි කිසිදා වෙනස් විය නොහැකි අනුරාධපුරයේ ග්‍රාම්‍ය චරිතයකට එකට මුහුවීමටද නොහැකිය.

මෙහිදී ලාල් සහ ටිල්වින් යනු මේවන විට පක්ෂයේ ඉපැරැණි කාඩර ගැලරියට ආමන්ත්‍රණය කරන නටඹුන් නායකයන් පමණි.

ඒ කෙසේ වෙතත් මේ මොහොත වනවිටත් ජා.ජ.බ.ය තාමත් සම්පූර්ණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්වී නොමැත.

එහි එක් කොටසක් කොළඹ නාගරික මැද පංතියේ ලිබරල් නියෝජනයක් සහිතව පවතින අතර තවත් කොටසක් ඈත බදුල්ල රිදීමාලියද්ද වැනි ප්‍රදේශ වල සමන්ත විද්‍යාරත්න වැනි අය පරන ගැමි සමාජය නියෝජනය කරන ජ.වි.පෙ.යේ පරණ පදනම අවදිකිරීමට උත්සාහ දරයි. ඒ අනුව තාමත් ජා.ජ.බ.යද පැරණි ස්ටාලින්වාදී බලවේගයේ සහ නාගරික ලිබරල්වාදයේ කලවමකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan