ලෝකයේ බොහෝ රටවල එක හැඩයේ ක්‍රීඩා ඉසව්වල ප්‍රගතිය අපේක්ෂාවෙන් ඒ ඒ ඉසව් ආශ්‍රිත තරග පැවත්වෙනවා.ඒ සමහර ක්‍රීඩා උළෙලවල් පැනීම් සඳහාම වෙන් වෙන්න පුළුවන්.කෙටි දුර ඉසව්,කඩුලු ඉසව් මේ අතර දැකිය හැකියි.ශ්‍රී ලංකවෙත් මේ හැඩයට ක්‍රීඩා උළෙලක් පවත්වන්න ටලොව් අලෙයිලීමා ප්‍රමුඛව පුහුණුකරුවන් කණ්ඩායමක්ම සූදානම් වෙමින් ඉන්නවා.තරගාවලිය පැවත්වෙන්නේ නොවැම්ඉර් 12 දා ටොරිංටන් ක්‍රීඩාංගණයේදී.ඒ ප්‍රවේශය ගැන කතා කරන්න ටලොව් අලෙයිලිමා සම්බන්ධ කරගත්තේ එවැන්නක් සඳහා හේතු වූ කාරණා විමසා බලන්නයි.එහි අවසාන ඉලක්කය හඳුනාගන්නයි.
මීට්වල කඩිමුඩියේ තමයි විසිකිරීම් ඉසව් තියන්නෙ.හොඳ අට දෙනා තෝරගෙන ඉස්සරහට යන කාරණය වගේම හැම වීසි කරන කෙනෙක්ගෙම ඒ දුර මැනීමවත් ලංකාවෙ මීට්වල වෙන්නෙ නැහැ.දිනන එක නෙමෙයි තමන්ගෙ ත්‍රෝ එක කොච්චර ගියාද කියලා බලාගන්නවත් කෙනෙක්ට ඉඩ තියෙන්න ඕනි.එහෙම දැනගෙන තමයි එයාල ඉස්සරහට දස්කම් දියුණු කරගන්න ඕනි.ඒ අවස්ථාවවත් නැති වුණාම ක්‍රීඩකයන්ට එපා වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.
ටලොව් අලෙයිලීමා පැහැදිළි කරන්නේ ලංකාවේ පැවත්වෙන ක්‍රීඩා උළෙලකදී විසිකිරීම් ඉසව්වල ස්වභාවයයි.තරගයට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය වගේම ඉසව්වට සූදානම් වීමට අවශ්‍යය පරිදි නිදහස් කාලයක් නොලැබීමත්,අධික පිරිසක් ඉසව්ව නියෝජනය කිරීමත් යන කාරණා මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉහළම දක්ෂතාවය වාර්තා නොවන බවය.එසේමක්‍රීඩා කිරීමෙන් ලැබෙන තෘප්තිය මේ නොසන්සුන් ආකාරයට පවත්වන ඉසව්වලදී නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා උළෙලක යගුලිය,කවපෙත්ත සහ හෙල්ල වීසිකිරීමේ ඉසව් සඳහා සහභාගි වෙනවා.වයස් ඛාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒ තත්ත්වය තියෙද්දිත් කඩි මුඩියෙ දවසට සෑහෙන ත්‍රෝවින්ග්ස් ඉසව් ගාණක් ඉවර කරනවා.හරියට ඉසව් පවත්වලා වාර්තා තියෙනවා වගෙ වැඩක්.හැබැයි අපට මේ ඉසව්වලින් ඕනි කරන්නෙ ඉසව්වලින් වාර්තා තියෙන තත්ත්වයක්.
අලෙයිලීමා තව දුරටත් පෙන්වා දෙන්නේ 12 වන දා දවස පුරාම අවුරුදු 14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ මේ ඉසව් තුන පැවත්වීමට සීමිත තරගකරුවන් පිරිසක් පමණක් සහභාගි කරගෙන බාලක බාලිකා ඉසව් පැවත්වෙන බවයි.
අපි උදේ 9.00 ඉදලා පස්වරු හය විතර වෙනතුරු මේ ඉසව් ටික හොඳ වෙලාවක් අරගෙන පවත්වනවා.අට දෙනෙක්ට සහතික දෙනවා.පළමු තුන්දෙනාට පදක්කම්.වැදගත්ම දේ මෙතැනදි අපි හැම කෙනෙක්ගෙම වීසිකරන දුර මනිනවා.එයාලට තමන් ඉන්න තැන දැනගෙන ඉස්සරහට යන්න ඉඩ දෙන එකයි අපේ වැඩේ.ඉසව්වේ රැදි සිටීමට අවශ්‍යය වින්දනය අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත් කරන්න ඕනි.
ඔහු පවසන අන්දමට මෙහිදි තබන වාර්තාවන් අනුමත කරන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ද එහි රැදී සිටිනවා.වඩා හොඳ විවේක බුද්ධියකින් ඉසව්ව ගැන යෙදුව සම්පූර්ණ අවධානයකින් මෙහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යෙන් තමන්ගේ හොඳම දක්ෂතාවයට එයි.ඔහු අඩුම තරමේ තමන් ඉන්න තැන දැනගනියි.මොකද අපි හැම වීසි කිරීමක්ම මනින නිසා.
දශක දෙකක පමණ කාලයක් ලංකාවේ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ ජාතික වාර්තාව උසුලා සිටි අලෙයිලීමා ඉන් අනතුරුව ක්‍රීඩාව හා සබැඳි ව්‍යාපාර කේෂ්ත්‍රයේ දී මෙන්ම ක්‍රීඩාව සම්බන්ධ දැණුම පරිත්‍යාග කරන්නෙක් සේ මෙන්ම අනුග්‍රාහකයෙක් හැටියටයි ඊ ළඟ පරපුරට සේවය සපයමින් සිටිනවා.ක්‍රීඩාට අලුත් මාවත් ඕනි කියන පදනම මත නැවතී එය ඉදිරියට තල්ලු කිරීමට වෙර වීරිය දරන්නෙක් හැටියට හැඳින්විය හැකි ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් මහත ශරීර ස්වභාවයෙන්ම විසිකිරිමේ ඉසව්වලට උචිත බවයි.නමුත් ඒවා ශක්තිමත් සහ වේගවත් කර ගැනීමට අවශ්‍යය ව්‍යායම සහිතව හර මඟ පෙන්වීමක් ලැබිය යුතු බව පවසනවා.තෝරා ගැනීමට වඩා එම තෝරාගත් ශරීර නිවැරදිව කළමණාකරණය කර මෙහෙයවන්නේ නැතිකමද බොහෝ විට ශ්‍රී ලංකාවේ විසිකිරීම් ඉසව්වල පසුබෑමට හේතුවක් බව අලෙයිලීමා පෙන්වා දෙනවා.
මේ සියල්ල සාකච්ඡාවට ගැනෙන විසීකිරීමම පමණක් අනන්‍යතාවය වූ ක්‍රීඩා උළෙල පැවත්වීම තුළ රටේ මලල ක්‍රීඩාවෙන් විසිකිරීම් ඉසව්වන්හී වීසි වි තිබෙන තත්ත්වය නැවත සකස් කර රටට ජයග්‍රහණ ගෙනෙන මට්ටමට සකසා ගැනීම මේ ප්‍රවේශයේ අනාගත දැක්මයි.ඉතිං ක්‍රීඩාවෙන් ලැබූ දෙයට වඩා දෙයක් ක්‍රීඩාවෙන් දෙන්නට නිරන්තරයෙන් අවධානය යොමු කර තිබෙන අලෙයිලීමාගේ වීසිකිරීමේ ක්‍රීඩා උළෙලට, ලංකාවේ මලල ක්‍රීඩාව තුළ වීසිකිරීමේ ඉසව් ජයග්‍රාහී සිමාවේ රඳවන්නට ශක්තිය සහ දිරිය ප්‍රාර්ථනා කරන්නෙමු.
SportUnleash Throwers Championships සඳහා අලෙයිලීමාගේ සිහිනය සැබෑ කරන්නට එක්ව රැඳුණු පුහුණුකරුවන් පිරිසක් ද වෙනවා.මේජර් උපාලි වික්‍රමසිංහ,ජෝයි ධනුෂ්ක පෙරේරා,ජයකොඩි,ෆොන්සේකා,චේතන්,සමඟ එහි ක්‍රියාත්මක උප කමිටුවේ සිටින මෙණ්ඩිස්,ජාකින සහ හේමන්තත් මේ වීසිකිරීම නිසි තැනක තැබීමට වෙහෙස මහන්සි වෙනවා.වැඩි තොරුතරු සඳහා පිළිවෙලින් චේතන් ( 075 219 8524),මේජර් උපාලි (077 351 1897) සහ ජෝයි( 077 362 2383) සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා.
RM