2024 දී ආහාර උද්ධමනය අඩු වෙනවා – අමාත්‍ය නලින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වර්ෂයේ දී ආහාර ද්‍රව්‍යවල මිල කොපමණ දුරට පාලනය කළ හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා ඇති බව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

තවද, ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බවද අමාත්‍යවරයා කියා සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ‍සඳහන් කළේ , ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙන බවද පැවසීය.

එසේම, තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවු බවත්, එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබු බවද කියා සිටියේය.

එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන්, සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇති අතර, සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දෙනු ලැබීය.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරන බවත් , සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...