වැටුප් ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් පාරට!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිදු කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇඟලුම් සේවකයින් ඉල්ලූ වැටුප් වැඩි වීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග විරෝධතා තවදුරටත් උත්සන්න වීම වළක්වාලීම සඳහා එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ විරෝධතා සඳහා දහස් ගණනක කම්කරුවන් පිරිසක් සහභාගී වී ඇති අතර, ඔවුන් කම්හල් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර ද එල්ල කර ඇති අතර කම්හල් රැසක කටයුතු අඩපණ වී ඇති බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ වාර්ෂික අපනයනවලින් 85%ක්ම සමන්විත වන්නේ ඇඟලුම්වලින් වන අතර සේවකයින්ගේ මාසික වැටුප ටකා 8,300කින් ආරම්භ වන බව සඳහන් වේ.

එමෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වේ. ජීවන බර වැඩි ලෙස දැනෙන මොහොතක මෙම උද්ඝෝසණය සංවිධානය වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...