ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්!

Date:

කොළඹ LNW: මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල,කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.

ඒ අනුවයි ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 150ක් මෙරටට ලබා දීමට තීරණය කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් මිලියන 330 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට නියමිත දෙවන වාරිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...