*
Tuesday, February 11, 2025
spot_img

Latest Posts

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඳුකරයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ (LNW):

කඳුකර දෙමළ පවුල් 1291ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර, එහි පළමු පියවර ලෙස පවුල් 241ක් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු කෙරුණු බව සඳහන් වේ.

ඉඩම් ඔප්පු ලබාදීම සිදුකෙරුණේ , වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ඇල්කඩුව වතු සමාගමට අයත් රත්වත්ත යතුයායේදී වන අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් පී සෝමරාජ් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණු බව පැවසේ.

නව වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය , මහනුවර ,මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉඩම් ඔප්පු 1,291ක් ලබාදීම සැළසුම වන අතර, ඉන්දීය නිවාස වැඩසටහනේ අදියරක් ලෙස මීට පෙර මෙම වැඩසටහන දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මක වී ඇත.

වතුකරයේ සිටින සියලුම සුදුසුකම් ලත් පිරිසට ඔවුන්ගේ නීත්‍යනුකූල ඉඩම් හිමිකම ලැබෙන බවට මෙම වැඩසටහන තුළින් තහවුරු කර තිබෙන පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan