රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ (LNW):
හෙට (12) සිට, තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එහි දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබුණි.
හෙට සිට කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර දුම්රිය ධාවනය කෙරෙන බව නිවේදනයකින් දක්වා ඇත.