ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක භාවිතා කර මිනිසුන් නොමග යැවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් BBCට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සඳහන් කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම නොවැම්බර් 14 වන දිනට පෙර වාර්තා චිත්‍රපටය සම්පූර්ණ ඉල්ලා අස්කර ගැනීම හෝ එසේ නොවේනම්, ඩොලර් බිලියන 1 (£ 760m) සඳහා නඩු පැවරීමට මුහුණ දීමට සිදුවන බවට නිවේදනය කර ඇත.

මෙම වාර්තා චිත්‍රපටය හා සම්බන්ධයෙන් කාන්දු වූ තොරතුරු පසුගියදා ටෙලිග්‍රාෆ් පුවත්පතේ වාර්තා වීමෙන් පසුව, එහි පැහැදිලිව සඳහන් වුයේ ට්‍රම්ප්ගේ 2021 ජනවාරි 6 වන දින ඔහුගේ මැතිවරණ පරාජයෙන් පසු ඔහු එක්සත් ජනපද කැපිටල් වෙත පහර දෙන ලෙස ජනතාවගෙන් පැහැදිලිවම ඉල්ලා සිටින බවට බවට ජනතාව නොමඟ යවා ඇති බවයි.

කෙසේ නමුත් BBC සභාපති සමීර් ෂා වාර්තා චිත්‍රපටයේ සංස්කරණයේ සිදු වූ දෝෂ සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමති බව ප්‍රකාශ කර තිබු අතර එහි ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබොරා ටර්නස්, අධ්‍යක්ෂ ජෙනරාල් ටිම් ඩේවි මේ වන විට ඉල්ලා අස්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...