ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන බවත් ඔහු දේවත්වය පත්වුණේ එම ජනතාවට රුපියල් 10,000කින් වැටුප් වැඩිකිරීම නිසා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි.

“අපේ හදවත කකියන අපිට දෑහැට කදුළු ආව කතන්දරයක් තියෙනවා, ගරු ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා – රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඉන්නවා අපෙ මලයගම් ජනතාව වතු සේවක ජනතාව. ඔවුන්ට ඉතිහාසයේ පළමු වතාවට සටන් නෑ, පෙළපාලි නෑ, උද්ඝෝෂණ කළේ නෑ, කූඬැල්ලො කකා අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා, ආන් ඒ අයට ඉතිහාසයේ පළවෙනි වතාවට රුපියල් 10,000කින් වැටුප් වැඩිකරනවා. රුපියල් 400ක් දෛනිකව, 25ක් ආවොත් 10,000ක්. ඓතිහාසිකයි. ඒ නිසා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. නමුත් දේවත්වයට පත්වෙන්නෙ ඇයි ? ඔහු ඒ අය වෙනුවෙන් බලපු නිසා. ඒක තමයි ඇත්ත කතන්දරේ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...